Home » බෙල්ලන්විල රාජ මහා ඇසළ පෙරහර කොමිටියේ සභාපති එච්.ඩී. ප්‍රේමසිරි මහතාට උපහාර

බෙල්ලන්විල රාජ මහා ඇසළ පෙරහර කොමිටියේ සභාපති එච්.ඩී. ප්‍රේමසිරි මහතාට උපහාර

by sachintha
July 15, 2024 1:05 am 0 comment

බෙල්ලන්විල රාජ මහා විහාරස්ථාන ඇසළ පෙරහර කොමිටියේ සභාපතිවරයා වශයෙන් සරසවි පොත් සමාගමේ අධිපතිවරයා වශයෙන් පුරා වසර 14ක් බෙල්ලන්විල ඇසළ පෙරහර මංගල්‍යය සාර්ථක කර ගැනීමට සිදු කළ සේවය ඇගැයීමට ලක්කරමින් හා සරසවි පොත් සමාගමේ අධිපති එච්.ඩී. ප්‍රේමසිරි (මහතාගේ) 80 වැනි ජන්ම දිනය යෙදී තිබූ පෙරේදා (13 වැනිදා) බෙල්ලන්විල රාජ මහා විහාරාධිපති සිංගප්පූරුව ප්‍රධාන අධිකරණ සංඝනායක ආචාර්ය බෙල්ලන්විල ධම්මරතන නාහිමියන්ගේ අනුශාසනා පරිදි මහාචාර්ය සරත් විජේසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් උපහාර තිළිණ ප්‍රදානය කිරීමක් ඉකුත් (13) වැනි දින විහාරස්ථාන දහම්ශාලා පරිශ්‍රයේදී සිදු කරනු ලැබිණි.

මෙම උපහාර උලෙළ බෙල්ලන්විල ඇසළ පෙරහර කමිටුව, කුලඟන සමිතිය, තරුණ සංවිධාන එකමුතුවෙන් සංවිධානය කරනු ලැබූ අතර, එම අවස්ථාවට බෙල්ලන්විල රාජ මහා විහාරාධිපති සිංගප්පූරුව ප්‍රධාන අධිකරණ සංඝනායක ආචාර්ය බෙල්ලන්විල ධම්මරතන නාහිමි, විහාරාධිකාරී බොරලැස්ගමුව පේමරතන හිමි, උප විහාරාධිකාරී බෙල්ලන්විල සංඝරතන හිමි ඇතුළු සංඝරත්නය ද, මුදල් කමිටු ප්‍රධානී මහින්ද මඩිහහේවා, පෙරහර කමිටුවේ ලේකම් කේසරලාල් ගුණසේකර, භාණ්ඩාගාරික රූබන් වික්‍රමආරච්චි, දායක සභා සභාපති කිංස්ලි කුමාර පතිරගේ, ලේකම් එල්.එස්. වනිගසිංහ, යන මහතුන් ඇතුළු කුලඟණ සමිතිය සාමාජිකාවන් සමඟ අනෙකුත් සමිති සාමාජික පිරිසක් ද සහභාගිවී සිටියහ.

දෙහිවල – ඩී.පී. හේරත්

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT