කොළඹ පාපන්දු ලීගය සංවිධාන කරන පළමු පෙළ පාපන්දු තරගාවලියේ නිව්ස්ටාර් ක්‍රීඩා සමාජය හා චැලෙන්ජර්ස් ක්‍රීඩා සමාජය අතර අවසන් මහා තරගය හෙට (14) කොළඹ සිටිලී පිටියේදී පැවැත්වේ.
අවසන් පූර්ව වටයේදී ඕල්ඩ් බෙන්ස් පරදා නිව්ස්ටාර් ජය වාර්තා කළ අතර, රත්නම් පරාජය කොට චැලෙන්ජර්ස් ජය වාර්තා කළේය.
ශ්‍රී ලංකා පාපන්දු සංගමය විසින් නිර්දේශිත මේ පළමු පෙළ පාපන්දු තරගාවලිය කොළඹ පාපන්දු ලීගය විසින් වසර 5කට පසුව සංවිධාන කර ඇති අතර, ජාතික පාපන්දු කණ්ඩායමට ක්‍රීඩා කර ඇති ක්රීඩකයන් කිහිපදෙනකුම අවසන් මහා තරගයට පිවිසි කණ්ඩායම් නියෝජනය කිරීම විශේෂත්වයකි. අවසන් මහා තරගයට පිවිසි නිව්ස්ටාර් ක්‍රීඩා සමාජය මූලික වටයේදී ගෝල් 3-0කින් ඕල්ඩ් වෙස්ලි හා කිරුළපන යුනයිටඩ් ගෝල් 2-0කින් පරාජය කළ අතර, රත්නම් සමඟ තරගය ජය පරාජයෙන් තොරව නිමා විය. චැලෙන්ජර්ස් ක්‍රීඩා සමාජය වෙතින් ගෝල් 7-0කින් ඕල්ඩ් රෝයල්ස් ක්‍රීඩා සමාජය හා ගෝල් 1-0කින් ඕල්ඩ් බෙන්ස් ක්‍රීඩා සමාජය පරාජය වූ අතර, එවරෙඩි ක්‍රීඩා සමාජය සමඟ තරගය ජය පරාජයෙන් තොරව නිමාවට පත් විය.