Home » දෙහි­වල ගුවන් පාලම යට බ්‍රේක් නැතිව ආ වාහනයට බරපතළ හානි

දෙහි­වල ගුවන් පාලම යට බ්‍රේක් නැතිව ආ වාහනයට බරපතළ හානි

by damith
July 13, 2024 1:15 am 0 comment

දෙහි­වල - ඩී.පී.හේරත්

දෙහි­වල ගුවන් පාලම යට ඇති දුම්රි­ය­පොළ දෙසට වන මාර්ගයේ පදික වේදි­කාව මතට තිරිංග ක්‍රියා­ත්මක නොවී අධික වේග­යෙන් මහ­ර­ගම මාර්ගයේ සිට පැමිණි මෝටර් රථ­යක් අන­තු­ර­කට ලක්වී බර­ප­තළ අලාභ හානි සිදුවී ඇතැයි දෙහි­වල පොලි­සිය පව­සයි. මෙම අන­තුර ඊයේ (12) පෙ.ව.9.45ට පමණ සිදුවී ඇති බවත් එම මෝටර් රථය පදික වේදි­කාව මතට කඩා­වැ­ටී­මෙන් ඉදි­රි­ප­සට දැඩි හානි සිදුවී ඇති බවත් මාර්ගයේ හෝ පදික මාරුවේ මගීන් නොසි­ටීම නිසා විශාල අන­තු­රක් වැළකී ගොස් ඇති බවත් පොලි­සිය පැව­සීය. වැඩි­දුර පරී­ක්ෂණ දෙහි­වල පොලි­සිය මඟින් සිදු­ක­ර‍ෙ­ගන යනු ලබයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT