Home » ලක්ෂ 60ක දේපොළ පැහැරගත් කල්ලි­යක තුනක් මාට්ටු

ලක්ෂ 60ක දේපොළ පැහැරගත් කල්ලි­යක තුනක් මාට්ටු

by damith
July 13, 2024 1:16 am 0 comment

උතුරු පළාත් විශේෂ - රසුල දිල්හාර ගමගේ

උතුරු පළාතේ දිස්ත්‍රික්ක තුනක නිවාස හය­කින් රුපි­යල් ලක්ෂ 60ක් පමණ වටිනා මුදල්, රන් භාණ්ඩ හා විවිධ දේපොළ කොල්ලකන ලද සංවි­ධා­නා­ත්මක මංකොල්ල කල්ලි­යක සාමා­ජි­ක­යින් තුන් දෙනෙකු වවු­නි­යාව පොලි­සිය විසින් පෙරේදා (11) අත්අ­ඩං­ගු­වට ගෙන තිබේ.

අත්අ­ඩං­ගු­වට පත්ව ඇත්තේ වවු­නි­යාවේ තරු­ණ­යින් දෙදෙ­නෙකු හා යාප­නයේ තරු­ණ­යෙකු වන අතර ඔවු­න්ගෙන් පොලි­සිය කළ ප්‍රශ්න කිරී­ම්ව­ලදී හෙළි වී අැත්තේ ඔවුන්ගේ කණ්ඩා­යමේ තවත් සාමා­ජි­ක­යින් පිරි­සක් මන්නා­රමේ හා මුල­තිව් ප්‍රදේ­ශයේ සිටින බවයි. වවු­නි­යාවේ කුරු­ම­න්කාඩු ප්‍රදේ­ශයේ නිවාස දෙකක්ද යාප­නයේ නිවාස තුනක්ද මන්නා­රමේ නිවා­ස­යක්ද මෙම මංකො­ල්ල­ක­රු­වන් විසින් කොල්ලකා තිබේ. වැඩිම රන් භාණ්ඩ තොග­යක් කොල්ල කා ඇත්තේ වවු­නි­යාවේ නිවාස දෙකෙන් බව පොලිස් පරී­ක්ෂ­ණ­ව­ලදී අනා­ව­ර­ණය වී තිබේ.

එම නිවාස දෙකෙන් පම­ණක් රුපි­යල් ලක්ෂ විසි පහක පමණ ස්වර්ණා­භ­ර­ණද මුද­ලින් රුපි­යල් ලක්ෂ තුනක් ද ඔවුන් විසින් කොල්ලකා ඇත. මන්නා­රමේ නිව­සක් කොල්ලකෑ අව­ස්ථා­වේදී එම නිවැ­සි­ය­න්ගෙන් සොරා­ගත් සව­ර්ණා­භ­ර­ණ­ව­ලට අම­ත­රව නිවසේ නිදා සිටි කුඩා දරු­ව­කුගේ ගෙලෙහි තිබූ රන් මාල­යක් ද ඔවුන් විසින් කපා­ගෙන ගොස් තිබේ. එම මාලයේ වටි­නා­කම රුපි­යල් ලක්ෂ දෙකකි.

සංවි­ධා­නා­ත්මක මංකො­ල්ල­ක­රු­වන් විසින් කොල්ලකන ලද රන් භාණ්ඩ­ව­ලින් කොට­සක් වවු­නි­යාවේ හා මන්නා­රමේ වෙළෙ­ඳ­සල් තුනක උක­සට තබා තිබි­යදී පොලි­සිය විසින් සොයා ගෙන තිබේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT