288
ලද තොරතුරක් මත හැටන් කොළඹ මාර්ගය ආසන්න යටියන්තොට මීපිටිකන්ද පාරේදී අයිස් මත් ද්‍රව්‍ය අලෙවි කරමින් සිටි සැකකරුවෙකු උපාය දූතයෙකු යොදවා පෙරේදා (11) දහවල් අත්අඩංගුවට ගත් බවත් ඒ ආසන්නයේ සැකකරුගේ නිෙවස පිහිටා ඇති බවත් යටියන්තොට පොලිසිය පවසයි.
සැකකරු අත්අඩංගුවට ගත් අවස්ථාවේ ඔහු සන්තකයේ තිබූ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 12ක් සමඟ මුදල් ජංගම දුරකතන ඇතුළු දේපොළ පොලිසිය භාරයට ගෙන ඇත.
වයස අවුරුදු 32ක් වන සැකකරු රුවන්වැල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර කෑගල්ල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති රොෂාන් රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි වැඩිදුර පරීක්ෂණ සිදු කරමින් පවතී.