Home » එළ ගව­යන් ප්‍රවා­හ­නය කර­මින් තිබූ කැබ් රථ­යක් කොටු­වෙයි

එළ ගව­යන් ප්‍රවා­හ­නය කර­මින් තිබූ කැබ් රථ­යක් කොටු­වෙයි

by damith
July 13, 2024 1:18 am 0 comment

බදුල්ල - නිශාන්ත අබේ­ගු­ණ­ව­ර්ධන

බදුල්ල මහි­යං­ග­ණය මාර්ගයේ 15 කනුව ප්‍රදේ­ශයේ දී ඊයේ (12) අලු­යම බල­පත්‍ර නොමැ­තිව එළ ගව­යින් ප්‍රවා­හ­නය කර­මින් තිබු බොලේරෝ වර්ගයේ කැබ් රථ­යක් අත්අ­ඩං­ගු­වට ගැනී­මට හැකිවූ බව කන්ද­කැ­ටිය පොලි­සිය පව­සයි. ලද තොර­තු­රක් මත කන්ද­කැ­ටිය පොලිස් ස්ථානයේ නිල­ධා­රීන් විසින් මාර්ග බාධක යොදා මෙම වැට­ලීම සිදු­කර ඇති අතර එම අව­ස්ථා­වේදී කැබ් රථය තුළ වැස්සි­යන් තිදෙ­නෙකු හා වස්සන් හය දෙනෙකු සිට ඇති අතර ඉන් එක් වැස්සි­යක මිය­ගොස් සිටි බව ද පොලි­සිය පව­සයි.

මාර්ග බාධ­කය දුටු රථයේ පැමිණි සැක­ක­රු­වන් රථය අත­හැර පලා­ගොස් ඇති අතර ඔවුන් සොයා විම­ර්ශන ක්‍රියා­ත්මක බව ද පොලි­සිය පව­සයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT