Monday, April 21, 2025
Home » අප දුන් සංශෝ­ධන ඇතු­ළත් නොකර සේවා ව්‍යව­ස්ථාව ගැසට් කළොත් අඛණ්ඩ වැඩ වර්ජ­න­යක්

අප දුන් සංශෝ­ධන ඇතු­ළත් නොකර සේවා ව්‍යව­ස්ථාව ගැසට් කළොත් අඛණ්ඩ වැඩ වර්ජ­න­යක්

සමස්ත ලංකා නිද­හස් ග්‍රාම නිල­ධාරී සංග­මයේ ලේකම් ජගත් චන්ද්‍ර­ලාල්

by damith
July 13, 2024 12:55 am 0 comment

නුවන් කොඩි­කාර

ග්‍රාම නිල­ධාරි සංගම් දුන් සංශෝ­ධන ඇතු­ළත් නොකර සේවා ව්‍යව­ස්ථාව ගැසට් කළොත් ඊට එරෙ­හිව අඛණ්ඩ වැඩ වර්ජ­න­ය­කට යොමු වන බව සමස්ත ලංකා නිද­හස් ග්‍රාම නිල­ධාරි සංග­මයේ ලේකම් ජගත් චන්ද්‍ර­ලාල් මහතා පැවැ­සීය. ලේක­ම්ව­රයා මේ බව පැවැ­සුවේ පසු­ගි­යදා (09) මාධ්‍ය හමු­වක් කැඳ­ව­මිනි.

එහිදී වැඩි­දු­ර­ටත් අද­හස් දැක්වූ ලේක­ම්ව­රයා මෙලෙස ද කීවේය.

“සේවා ව්‍යව­ස්ථාව සකස් කළ යුත්තේ ග්‍රාම නිල­ධා­රීන්ගේ යෝජනා ඇතු­ළත්ව මිස අමා­ත්‍යාං­ශ­යට හෝ එහි නිල­ධා­රීන්ගේ අව­ශ්‍යතා අනුව නොවේ. ග්‍රාම නිල­ධා­රීන්ගේ ගැටලු සම්බ­න්ධ­යෙන් අමා­ත්‍යාංශ ලේක­ම්ව­ර­යාගේ ප්‍රධා­න­ත්ව­යෙන් පැවති සාක­ච්ඡා­වක ද කිසිදු විස­ඳු­ම­කින් තොරව අව­සන් වුණා. ග්‍රාම නිල­ධා­රීන්ගේ ගැට­ලු­ව­ලට විස­ඳුම් දෙන ලෙස ජනා­ධි­ප­ති­ව­රයා උප­දෙස් දී තිබු­ණත් එම විස­ඳුම් දිය හැක්කේ ලබන අය -වැයෙන් බව අමා­ත්‍යාංශ නිල­ධා­රීන් පව­ස­නවා. ග්‍රාම නිල­ධා­රීන්ගේ ගැටලු විස­ඳන්න කියා ජනා­ධි­ප­ති­ව­රයා අමා­ත්‍යාං­ශ­යට උප­දෙස් දුන් බව අමා­ත්‍යාංශ ලේක­ම්ව­රයා පැහැ­දි­ලිව කිව්වා. සේවා ව්‍යව­ස්ථාව අමා­ත්‍යාං­ශ­යට, අමා­ත්‍යාංශ ලේක­ම්ව­ර­යාට සහ අධ්‍යක්ෂ ජන­රා­ල්ව­ර­යාට ඕනෙ විදි­ය­ටයි සකස් කර තිබෙන්නේ. එම සේවා ව්‍යව­ස්ථා­වට ග්‍රාම සේවා සංගම් කිසි­වක් කැමැති නෑ. ඊට එකඟ වෙන්නේ නෑ. එම නිසා ඊට අපි සංශෝ­ධන කිහි­ප­යක් එකතු කර තිබෙ­නවා. එහෙත් අපි ඉදි­රි­පත් කළ සංශෝ­ධන වලට තාම අනු­මැ­තිය ලැබුණේ නෑ. ජනා­ධි­ප­ති­ව­රයා විසින් ගැටලු විස­ඳන්න කියලා උප­දෙස් දුන්නත්, අමා­ත්‍යාංශ ලේක­ම්ව­රයා කියන්නේ සේවා ව්‍යව­ස්ථාව ගැසට් කර ඉවර වෙලා තමයි ඒ සංශෝ­ධන ගැන සලකා බලන්න වෙන්නේ කියලා. අපි ඉදි­රි­පත් කළ යෝජනා ටික සේවා ව්‍යව­ස්ථා­වට ඇතු­ළත් කර සේවා ව්‍යව­ස්ථාව දෙනවා නම් දෙන්න. එහෙම නැතිව ගැසට් කරන්න එපා. ගැසට් කළ දවසේ ඉඳලා අඛණ්ඩ වැඩ වර්ජ­න­ය­කට යන්න වෙනවා. ග්‍රාම නිල­ධා­රීන්ගේ දීමනා දෙන්න කිය­ලත් ජනා­ධි­ප­ති­ව­රයා ප්‍රකාශ කර තිබෙ­නවා. ග්‍රාම නිල­ධා­රීන්ගේ සොච්චම් දීමනා ටිකත් පසු­ගිය 01 වැනිදා ඉඳලා දෙන්න කට­යුතු කරන්න කියලා අපි ඉල්ලා සිටි­නවා.”

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT