Wednesday, April 23, 2025
Home » තොර­තුරු තාක්ෂණ උද්‍යාන ගැන විශේෂ සාක­ච්ඡා­වක්

තොර­තුරු තාක්ෂණ උද්‍යාන ගැන විශේෂ සාක­ච්ඡා­වක්

by damith
July 13, 2024 1:02 am 0 comment

නෙත්මි පූජනී රත්නා­යක

තොර­තුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ ශීඝ්‍ර දියු­ණු­වක් ළඟා­කර ගැනීම අපේක්ෂා කර­මින් පිහි­ටු­වී­මට සැල­සුම් කර ඇති තොර­තුරු තාක්ෂණ උද්‍යාන පිළි­බ­ඳව පුළුල් ලෙස සාකච්ඡා කළ විශේෂ හමු­වක් පෙරේදා (11) තාක්ෂණ අමා­ත්‍යාං­ශ­යේදී පැවැ­ත්විණි.

එහිදී තොර­තුරු තාක්ෂණ උද්‍යාන සංක­ල්පය පිළි­බ­ඳව මෙන්ම එවැනි උද්‍යාන පිහි­ටු­වී­මට බලා­පො­රොත්තු වන ප්‍රදේශ, ඒ සඳහා සම්බන්ධ වන ආයෝ­ජ­ක­යන්ට දෙන පහ­සු­කම් ආදී කරුණු පිළි­බ­ඳව ද පුළුල් ලෙස අව­ධා­නය යොමු කෙරිණි. මේ තොර­තුරු තාක්ෂණ උද්‍යාන පිහි­ටු­වී­මත් සමඟ මෙරට තාක්ෂණ ක්ෂේත්‍රයේ විශාල පරි­ව­ර්ත­න­යක් සිදු­වනු ඇතැයි මේ අව­ස්ථා­වට සහ­භාගි වූ තාක්ෂණ රාජ්‍ය ඇමැති කනක හේරත් මහතා ප්‍රකාශ කළේය.

ආයෝ­ජන ප්‍රව­ර්ධන රාජ්‍ය ඇමැති දිලුම් අමු­ණු­ගම මහතා ද මේ සාක­ච්ඡා­වට සහ­භාගි වූ අතර, එහිදී ඔහු මේ උද්‍යාන පිහි­ටු­වී­මට සම්බන්ධ ආයෝ­ජ­ක­යන්ට සහන දෙන ආකා­රය පිළි­බ­ඳ­වත්, මේ වැඩ­ස­ට­හ­නට ආයෝ­ජ­ක­යන් ආක­ර්ෂ­ණය කර ගන්නා ආකා­රය පිළි­බ­ඳ­වත් කරුණු දක්වන ලදි.

තාක්ෂණ අමා­ත්‍යාං­ශයේ සහ ආයෝ­ජන ප්‍රව­ර්ධන අමා­ත්‍යාං­ශයේ උසස් නිල­ධා­රීන් ඇතුළු SLASSCOM හි නියෝ­ජි­තයෝ මේ අව­ස්ථා­වට සහ­භා­ගිවී සිටි­යහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT