Wednesday, April 23, 2025
Home » බෝරා සමු­ළුවේ ආග­මික දේශ­න­වල විකා­ශන මධ්‍ය­ස්ථා­න­යක් ලෙස කොළඹ තෝරා­ගැනේ

බෝරා සමු­ළුවේ ආග­මික දේශ­න­වල විකා­ශන මධ්‍ය­ස්ථා­න­යක් ලෙස කොළඹ තෝරා­ගැනේ

by damith
July 13, 2024 1:02 am 0 comment

නෙත්මි පූජනී රත්නා­යක

දාවුදි බෝරා ප්‍රජා­වගේ ‘අෂාරා මුබා­රකා’ ආධ්‍යා­ත්මික සමු­ළුවේ ආග­මික දේශ­න­වල විකා­ශන කට­යුතු සඳහා කලා­පීය මධ්‍ය­ස්ථා­න­යක් ලෙස කොළඹ තෝරා­ගෙන තිබේ.

ඒ අනුව දාවුදි බෝරා ප්‍රජා­වගේ ආධ්‍යා­ත්මික සමු­ළුව වන 2024 ‘අෂාරා මුබා­රකා’ (Ashara Mubaraka) මෙවර පාකි­ස්ථා­නයේ කරච්චි නුවර පැවැ­ත්වෙන අතර, එම සමු­ළු­වට සම­ගා­මීව මෙර­ටදී පව­ත්වන ආග­මික දේශ­න­වල සජීවී විකා­ශන කට­යුතු ප්‍රචා­ර­ණය කිරී­මට කොළඹ පිහිටි ප්‍රධාන දාවුදි බෝරා පල්ලිය විකා­ශන මධ්‍ය­ස්ථා­න­යක් ලෙස තෝරා ගෙන ඇත.

ලොව පුරා වෙසෙන සිය­ලුම දාවුදි බෝරා ප්‍රජා­වන් විවිධ තේමා අනුව දින දහ­යක කාල­යක් පුරා­වට මේ අෂාරා මුබා­රකා සමය සම­රන අතර, දාවුදි බෝරා ප්‍රජා­වන් සහ­භාගි වන විශා­ල­තම ආධ්‍යා­ත්මික සමු­ළුව පව­ත්වන්නේ ඔවුන්ගේ ආධ්‍යා­ත්මික නාය­කයා වන ශුද්ධෝ­ත්තම සෙයිද්නා මුෆ­ද්දල් සෙයි­ෆු­ද්දීන්ගේ ප්‍රධා­න­ත්ව­යෙන් බව වාර්තා වෙයි. ශුද්ධෝ­ත්තම සෙයිද්නා මුෆ­ද්දල් සෙයි­ෆු­ද්දීන් විසින් ඔහුගේ අතීත මුතු­න්මි­ත්තන්ගේ ආග­මික සම්ප්‍ර­දා­යන් අනු­ග­ම­නය කර­මින් අෂාරා මුබා­රකා පැවැ­ත්වී­මට සෑම වස­ර­කම එක් නග­ර­යක් තෝරා­ගනී.

මේ අෂාරා මුබා­රකා ආධ්‍යා­ත්මික සමු­ළුවේ කොළ­ඹදී පැවැ­ත්වෙන ආග­මික දේශ­න­වල කට­යුතු භාර කණ්ඩා­යමේ සාමා­ජි­ක­යකු වන මුෆ­ද්දල් සයි­නු­දීන් පැව­සුවේ Òඅෂාරා මුබා­රකා සමු­ළුවේ ආග­මික දේශ­න­ව­ලට සහ­භාගි වීම සඳහා ලෝකයේ නන් දෙසින් මෙර­ටට පැමිණි බෝරා සාමා­ජි­ක­යන් සියලු දෙනාම අපි හෘද­යං­ග­මව මේ අව­ස්ථා­වේදී පිළි­ග­න්නවා. මෙවර මේ ආධ්‍යා­ත්මික සමු­ළුව පැවැ­ත්වී­මට ශුද්ධෝ­ත්තම සෙයිද්නා මුෆ­ද්දල් සෙයි­ෆු­ද්දීන් විසින් කරච්චි නුවර තෝරා­ගෙන තිබෙ­නවා. කෙසේ වෙතත් මෙර­ටදී පැව­ත්වෙන ආග­මික දේශ­න­වල සජීවී විකා­ශන කට­යුතු මධ්‍ය­ස්ථා­න­යක් ලෙස කොළඹ තෝරා­ගැ­නීම අප භාග්‍ය­යක් කොට සල­ක­නවා.

මේ සමු­ළු­වට 15,000කට අධික දාවුදි බෝරා ප්‍රජා­ව­කට සත්කා­ර­ක­ත්වය දීමට නොම­සුරු සහ­යෝ­ගය දුන් රජයේ පාර්ශ්ව­ව­ලට සහ පළාත් පාලන ආය­ත­න­ව­ලට අපගේ අවංක කෘත­ඥ­තාව පළ කිරී­මට කැම­තියි. අෂාරා මුබා­රකා ආග­මික දේශ­න­ව­ලට සහ­භාගි වීම අපගේ සාමා­ජි­ක­යන්ගේ ආධ්‍යා­ත්මික යහ­පැ­වැ­ත්මක සහ පුද්ග­ලික සංව­ර්ධ­නය වැඩි කිරී­මට උප­කාරි වෙනවා. මෙය ගැඹු­රින් සිතා බැලී­මට, දැනුම ගැනී­මට සහ ප්‍රජා­වක් ලෙස එක­මුතු වීමට සුදුසු කාල­යක්.Ó යනු­වෙනි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT