Home » බදු පන­තට එරෙහි ජනතා විරෝ­ධය අව­සන් වීමෙන් පසු කෙන්යාවේ ජනා­ධි­පති කැබි­නට් මණ්ඩ­ලය නෙරපයි

බදු පන­තට එරෙහි ජනතා විරෝ­ධය අව­සන් වීමෙන් පසු කෙන්යාවේ ජනා­ධි­පති කැබි­නට් මණ්ඩ­ලය නෙරපයි

by damith
July 13, 2024 1:14 am 0 comment

ජන­තා­වට අධික බදු බර පට­වන බව කියන නව මුදල් පන­තක් පාර්ලි­මේ­න්තු­වේදී සම්මත කර­ ගැ­නීම හේතු­වෙන් රට පුරා පැතිරී ගිය විරෝ­ධතා සහ ප්‍රචණ්ඩ ක්‍රියා අව­සන් වීමෙන් පසු කෙන්යාවේ ජනා­ධි­පති විලි­යම් රූටෝ සිය කැබි­නට් මණ්ඩ­ලයේ සියලු ඇමැ­ති­වරු වහාම ක්‍රියා­ත්මක වන පරිදි ඉවත් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. අමා­ත්‍ය­වරු පම­ණක් නොව එරට නීති­ප­ති­ව­රයා ද තන­තු­රෙන් පහ කිරී­මට ජනා­ධි­ප­ති­ව­රයා කට­යුතු කර ඇතැයි විදෙස් මාධ්‍ය වැඩි­දු­ර­ටත් වාර්තා කළේය. කෙන්යානු ජන­තා­වගේ අද­හ­ස්ව­ලට ගරු කර­මින් සහ සිය කැබි­නට් මණ්ඩ­ලයේ ඇමැ­ති­වරු පිළි­බඳ නිසි තක්සේ­රු­වක් සිදු කිරී­මෙන් පසු එම තීර­ණය ගත් බව ජනා­ධි­පති රූටෝ ප්‍රකාශ කර ඇතැයි ද වාර්තා වේ.

ජනා­ධි­ප­ති­ව­රයා පුළුල් පද­න­මක් සහිත නව රජ­යක් පිහි­ටු­වී­මට සාකච්ඡා පව­ත්ව­මින් සිටින බවත්, නව රජ­යක් සම්බ­න්ධව විවිධ අංශ සහ දේශ­පා­ලන පක්ෂ සමඟ සාකච්ඡා පවත්වා උප­දෙස් ලබාගැනී­මට ඉදි­රි­යේදී පිය­වර ගන්නා බවත් ජනා­ධි­පති විලි­යම් රූටෝ ප්‍රකාශ කර තිබේ.

බල­යට පත්ව වසර දෙකක් ගත වීම­ටත් පෙර ජනා­ධි­ප­ති­ව­රයා ගත් මේ තීර­ණය කෙන්යාවේ අනා­ග­ත­යට දැඩි ලෙස බල­පානු ඇතැයි එරට දේශ­පා­ලන විශ්ලේ­ෂ­ක­යන් අද­හස් පළ කර ඇති අතර, කැබි­නට් මණ්ඩ­ල­ය­කින් තොරව රජය පව­ත්වා­ගෙන යෑමට නොහැකි බැවින් ජනා­ධි­ප­ති­ව­රයා කඩි­න­මින් ඉදිරි පිය­වර ගනු ඇතැයි ද වාර්තා වේ. නෙරපා හරිනු ලැබූ බොහෝ අමා­ත්‍ය­වරු එරට ආන්දෝ­ල­න­යට තුඩු දුන් විවිධ දූෂණ වංචා­ව­ලට සම්බන්ධ වූවන් බව ද විදෙස් මාධ්‍ය වැඩි­දු­ර­ටත් වාර්තා කළේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT