Home » ඉම්රාන්ගේ පක්ෂයේ හිටපු මන්ත්‍රී ඇතුළු 5ක් බෝම්බ ප්‍රහා­ර­ය­කින් මරුට

ඉම්රාන්ගේ පක්ෂයේ හිටපු මන්ත්‍රී ඇතුළු 5ක් බෝම්බ ප්‍රහා­ර­ය­කින් මරුට

by damith
July 13, 2024 1:15 am 0 comment

පාකි­ස්තා­නයේ හිටපු අග­මැති ඉම්රාන් ඛාන්ගේ ටෙහ්රීකි ඉන්සාෆ් පක්ෂයේ හිටපු පාර්ලි­මේන්තු මන්ත්‍රී­ව­ර­යකු වන හිදා­ය­තුල්ලා ඛාන් ඇතුළු පුද්ග­ල­යන් පස්දෙ­නකු උතුරු පාකි­ස්තා­න­යේදී ඝාත­න­යට ලක්වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. පසු­ගි­යදා කයි­බර් පක්ටුන්ක්වා ප්‍රාන්තයේ බජූර් දිස්ත්‍රි­ක්ක­යේදී හිටපු මන්ත්‍රී­ව­රයා ගමන් ගත් මෝටර් රථ­යට බෝම්බ ප්‍රහා­ර­යක් එල්ල කර පුපු­රුවා හැර ඇති බවත්, ඒ මොහොතේ ඔහු සමඟ පවුලේ සාමා­ජි­ක­යන් දෙදෙ­නකු හා ආර­ක්ෂක නිල­ධා­රීන් දෙදෙ­නකු සිටි බවත් පොලි­සිය ප්‍රකාශ කර ඇතැයි වාර්තා වේ.

හිටපු මන්ත්‍රී­ව­රයා එම ප්‍රාන්තයේ සංචා­රය කර ඇත්තේ ඉදි­රි­යේදී පැවැ­ත්වී­මට නිය­මිත අතුරු මැති­ව­ර­ණ­යක ප්‍රචා­රක කට­යුතු සඳහා වන අතර, ඔහු ගමන් ගත් මාර්ගයේ සවි කර තිබූ බෝම්බ­යක් දුරස්ථ පාල­ක­ය­කින් පුපු­රුවා හැරී­මෙන් එම ඝාත­නය සිදුවී ඇතැයි විදෙස් මාධ්‍ය වැඩි­දු­ර­ටත් වාර්තා කළේය. එම ප්‍රහා­රයේ වග­කීම මෙතෙක් කිසිදු පාර්ශ්ව­ය­කින් භාර ගෙන නැති අතර, කයි­බර් පක්ටුන්ක්වා පොලි­සිය පරී­ක්ෂණ කට­යුතු ආරම්භ කර ඇතැයි වාර්තා වේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT