Home » එමි­රේට්ස් අධි­ක­ර­ණ­යෙන් 43 දෙන­කුට ජීවි­තා­න්තය දක්වා සිරදඬු­වම්

එමි­රේට්ස් අධි­ක­ර­ණ­යෙන් 43 දෙන­කුට ජීවි­තා­න්තය දක්වා සිරදඬු­වම්

by damith
July 13, 2024 1:16 am 0 comment

ත්‍රස්ත­වාදී චෝද­නා­ව­ලට වර­ද­ක­රු­වන් වූ පුද්ග­ල­යන් 43 දෙන­කුට ජීවි­තා­න්තය දක්වා සිරදඬු­වම් නියම කිරී­මට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අධි­ක­ර­ණ­ය­කින් පිය­වර ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. එරට රජයේ මාධ්‍ය සඳ­හන් කරන්නේ එම පුද්ග­ල­යන් ත්‍රස්ත­වාදී සංවි­ධා­න­යක් බිහි කිරී­මට උත්සාහ කිරීමේ චෝද­නා­වට අබු­ඩාබි නුවර ෆෙඩ­රල් අභි­යා­ච­නා­ධි­ක­ර­ණය මඟින් වර­ද­ක­රු­වන් කර ඇති බවය. විශාල පිරි­ස­කට එක­වර ජීවි­තා­න්තය දක්වා සිරදඬු­වම් නියම කිරීමේ අධි­ක­රණ තීන්දුව එක්සත් ජාතීන්ගේ සංවි­ධා­නයේ විශේ­ෂ­ඥ­ව­රුන්ගේ සහ මානව හිමි­කම් සංවි­ධා­න­වල දැඩි විවේ­ච­න­යට ලක්වී ඇතැයි ද වාර්තා වේ.

පුද්ග­ල­යන් 43 දෙන­කුට ජීවි­තා­න්තය දක්වා සිරදඬු­වම් නියම කිරී­මට අම­ත­රව තවත් පුද්ග­ල­යන් 10 දෙන­කුට මුදල් විශු­ද්ධි­ක­ර­ණය යටතේ වසර 10 සිට වසර 15 දක්වා විවිධ කාල­සීමා සඳහා සිරදඬු­වම් තීන්දු කර ඇතැයි විදෙස් මාධ්‍ය සඳ­හන් කළේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT