Monday, April 21, 2025
Home » චීන ගුවන්යානා සහ නාවික යාත්‍රා 42ක් තායි­වාන මුහුදු සීමා­වට ඇවිත්

චීන ගුවන්යානා සහ නාවික යාත්‍රා 42ක් තායි­වාන මුහුදු සීමා­වට ඇවිත්

by damith
July 13, 2024 1:17 am 0 comment

චීන­යට අයත් හමුදා ගුව­න්යානා 36ක් සහ නාවික යාත්‍රා 6ක් තායි­වාන මුහුදේ පැය 24ක කාල­යක් සැරි සරා ඇතැයි තායි­වාන ජාතික ආර­ක්ෂක අමා­ත්‍යාං­ශය නිවේ­ද­නය කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

චීන මහ­ජන විමුක්ති හමු­දා­වට අයත් බව කියන එම ගුව­න්යානා 35ක්ම උතු­රෙන් සහ දකු­ණෙන් තායි­වාන සමුද්‍ර සන්ධියේ මධ්‍ය රේඛාව පසු කර­මින් ගුවන් ආර­ක්ෂණ හඳුනා ගැනීමේ කලා­ප­යට සේන්දු වූ බවත් තායි­වාන ජාතික ආර­ක්ෂක අමා­ත්‍යාං­ශය වැඩි­දු­ර­ටත් ප්‍රකාශ කර ඇතැයි විදෙස් මාධ්‍ය සඳ­හන් කළේය. ඒ අනුව ජූලි මාසයේ මේ දක්වා ගත වූ දින කිහි­පය ඇතු­ළත චීන හමු­දා­වට අයත් බව කියන ගුවන් යානා 101 වතා­වක් සහ නාවික යාත්‍ර26 වතා­වක් තායි­වාන මුහුදු සීමා­වේදී නිරී­ක්ෂ­ණ­යට ලක්වූ බව තායි­වාන ජාතික ආර­ක්ෂක අමා­ත්‍යාං­ශය සඳ­හන් කර ඇතැයි ද වාර්තා වේ.

ඊට ප්‍රති­චාර දක්ව­මින් තායි­වා­නය ගුවන් යානා සහ නාවික යාත්‍රා යෙදූ බවත්, චීන හමුදා ගුවන් යානා සහ නාවික යාත්‍රා නිරී­ක්ෂණ කිරී­මට මුහු­දු­බඩ කලා­පය ආශ්‍රි­තව මිස­යිල පද්ධ­තිය ක්‍රියා­ත්මක කළ බවත් විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT