Wednesday, April 23, 2025
Home » ඉංග්‍රීසි ඕඩය තර­ණය කිරී­මට ගිය සංක්‍ර­ම­ණික බෝට්ටු­වක් ගිලී 4ක් මරු දකී

ඉංග්‍රීසි ඕඩය තර­ණය කිරී­මට ගිය සංක්‍ර­ම­ණික බෝට්ටු­වක් ගිලී 4ක් මරු දකී

by damith
July 13, 2024 1:18 am 0 comment

ඉංග්‍රීසි ඕඩය තර­ණය කර­මින් තිබූ සංක්‍ර­ම­ණි­ක­යන් සහිත බෝට්ටු­වක් ගිලී යෑමෙන් පුද්ග­ල­යන් සිව්දෙ­නකු ජීවි­ත­ක්ෂ­යට පත්වී ඇතැයි ප්‍රංශ වෙර­ළා­ර­ක්ෂක බළ­කාය ප්‍රකාශ කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. මුහු­දට වැටුණු සංක්‍ර­ම­ණි­ක­යන් සොයා පෙරේදා රාත්‍රිය පුරා ප්‍රංශ නාවික හමු­දා­වට අයත් බෝට්ටු කිහි­ප­යක්ම මෙහෙ­යුම් සිදු කර ඇතැයි ද, ඒ අනුව පුද්ග­ල­යන් 63 දෙනකු බේරාගැනී­මට හැකිවී ඇතැයි ද විදෙස් මාධ්‍ය සඳ­හන් කළේය. ඉන් 49 දෙනකු ප්‍රංශ වෙර­ළා­ර­ක්ෂක බළ­කාය විසින් බේරාගනු ලැබූ බවත්, තවත් පුද්ග­ල­යන් 14 දෙනකු ධීවර බෝට්ටු­ව­කින් බේරා­ගත් බවත් වාර්තා වේ. මිය ගිය පුද්ග­ල­යන්ගේ මළ සිරු­රු සොයා ගැනී­මට ප්‍රංශ වෙර­ළා­ර­ක්ෂක කණ්ඩා­යම් සමත් වී තිබේ.

අන­ව­සර සංක්‍ර­ම­ණි­ක­යන් ඉංග්‍රීසි ඕඩය තර­ණය කිරීම බහුල සිදු­වී­මක් වන අතර, බ්‍රිතාන්‍ය අභ්‍ය­න්තර කට­යුතු අමා­ත්‍යාංශ ලේඛ­න­ව­ලට අනුව පසු­ගිය සඳුදා සහ අඟ­හ­රු­වාදා පම­ණක් සංක්‍ර­ම­ණි­ක­යන් 484 දෙනකු ඉංග්‍රීසි ඕඩය තර­ණය කර ඇත.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT