Wednesday, April 23, 2025
Home » පච්ච වඩම් සමා­ජ­යක්

පච්ච වඩම් සමා­ජ­යක්

by damith
July 13, 2024 1:00 am 0 comment

අතු­රු­ගි­රියේ ටැටූ කඩයේ පුද්ගල තෙමේ මේ මොහොතේ එක්තරා අත­කට අස­ර­ණ­යෙකි. සිය ව්‍යාපා­රය ආරම්භ කිරීම සඳහා ඔහු ගත් උත්සා­හය නතර වූයේ මිනී දෙකක් ද මරා­ගෙ­නය. නැක­තට පහන් දල්වා, වැඩේ පටන් ගෙන කිරි­බත් කෑල්ලක් අමුත්තෝ කටට දමා ගත් වනම, උණ්ඩ­යෙන් පච්ච කෙටී­මට මිනී­ම­රුවෝ වැඩ සිද්ධ කළහ.

පච්ච වනාහි මේ කාලයේ නොව කොයි කාල­යේත් පාදඩ පන්තියේ සංකේ­ත­ගත වීමකි. එදා මර­දානේ චණ්ඩි පපුවේ ගසා­ගෙන සිටියේ, ‘අම්මා බුදු­වේවා – මරුවා සමඟ වාසේ’ වැනි වාක්‍ය­යය. කට ඇර­ගත් කොටි අත දිගේ ද ගිනි පිඹින මකරු චන්ඩින්ගේ පිට දිගේ ද සිටි­යහ. ඔය වනාහි එක්තරා ආකා­ර­ය­කට විලා­සි­තා­වක් ලෙස ගත හැකි යමක් වුවද පච්ච­යක් ගසා­ගෙන සිටින චරි­තයේ ස්වභා­වය එයින් කිය­වෙ­න්නේය. මෑත කාලයේ සිට මේ රටේ පාදඩ පන්තියේ නැඟී­මක් ඇත්තේය. ඒ සමඟ පච්ච කොටා ගැනීම වැනි විලා­සිතා ජන­ප්‍රිය වන්නට විය.

ආය­ත­න­යක විවෘත කිරී­මක් යනු එක්තරා ආකා­ර­යක මංගල මොහො­තකි. ටැටූ මෑන් එම උත්ස­වය සඳහා හැඳ සිටියේ තද රෝස පැහැ­යට හුරු කොට කලි­ස­මක් සහ කමි­ස­යකි. මොන්ටි­සෝරි යන බබ්බු ඔය ජාතියේ ඇඳුම් ඇඳ, වතුර බෝත­ලය සහ පොත් බෑගය එල්ලා­ගෙන යන්නේ වුවද ඔය වයසේ වැඩි­හි­ටියෝ එහෙම සකල බුජන් තාලයේ ඇඳුම් ඇඳ­ගෙන ගමන් යන්නේ නැත. ගෙද­රට ඔහොම ඇඳ­ගෙන හිටීමේ වර­දක් නැත. ඒත් උත්ස­ව­යක් සඳහා විශේ­ෂ­යෙන්ම, තමන්ගේ සාප්පුව විවෘත කිරීමේ උත්ස­ව­යට ඔය ආකා­ර­යට සැරසී එනවා කියන්නේ මේ රට සිංග­ප්පූරු හිඟ­න්නන්ගේ කලා­ප­යක් බවට පත්ව තිබීමේ ලක්ෂ­ණ­යකි.

මේ කාල‍ෙය් විලා­සි­තාව වී ඇත්තේ තැනට ඔබින ලෙස හැඳ පැල­ඳ­ගෙන යෑම නොවේ. නොගැ­ළ­පෙන ආකා­ර­යට ඉසව්ව සඳහා සැරසී යාමය. මේ වනාහි සමා­ජයේ විනය පෙන්වන කැඩ­ප­තකි. ඇඳුම සහ පැල­ඳුම කියන්නේ මිනි­සාගේ ගති ස්වභා­වය බාහි­රට අනා­ව­ර­ණය කරන ආකා­ර­යකි. එයින් පළ­මුව මූර්ති­මත් වන්නේ ඒ ඒ පුද්ග­ල­යාය. මම කවු­දැයි යන්න ‘මයි සෙල්ෆ්’ නම් මාතෘ­කාව යටතේ කතා පව­ත්වන ලද්දේ තුනේ පන්තිය දක්වා පම­ණය. වැඩි­හි­ටි­යන් බවට පත්වූ විට, අප කවු­රු­න්දැයි යන මිනුම ලබා දෙන්නේ, අපගේ චර්යාව විසිනි. අපගේ හැසි­රීම, ක්‍රියා කලා­පය දකින දනෝ, එය සංකේ­ත­වත් කර ගනි­මින් අපව මැන ගන්නෝය.

පාරේ වාහ­න­යක ගමන් කරන විට රතු පැහැති වර්ණ සංඥාව පත්තු වූ විට වාහ­නය නතර කර­න්නේය. මේ ආදී සංඥා පද්ධ­ති­යක් අපගේ ගති ස්වභාව සහ බාහිර පෙනු­මෙන් සමා­ජ­යට සංඥා­ප­නය වන්නේය.

වෙඩි තැබීමේ සිද්ධිය පසෙක තබා, සමස්ත උත්ස­වයේ සිටි පිරි­ස­කගේ ඇඳුම් පැල­ඳුම් සහ හැසි­රීමේ රටාව බලන කල, එය පාදඩ සංස්කෘ­තික සිරි­යා­වක හැඩය ගත්තක් බව පෙනී යන්නේය. වෙඩි වැදී ප්‍රති­කාර ලබන පිරි­සට ඉක්මන් සුවය පතන අතරේ ඔය සියලු දෙනාගේ චර්යාවේ අඩුව පිළි­බ­ඳව මතක් කර දිය යුතුය.

ටැටූ ගැසීම නම්බු­කාර මිනි­සුන්ගේ ක්‍රියා­වක් නොවේ. මෙය සාම්ප්‍ර­දා­යික අර්ථ­ක­ථ­න­යක් අනුව ලිය­වෙන නිර්ව­ච­න­යක් නොවේ. අප සමා­ජී­යය සත්ත්ව කොට්ඨාස­සකි. එම සමා­ජයේ හැඩ­ත­ලය තීර­ණය වන්නේ අපගේ ගති­ගුණ සහ බාහිර ස්වරූ­පය අනු­වය. ටැටූ කඩයේ පිරි­සගේ බාහිර ස්වරූ­පය අනුව ඔවුන් පාතා­ලයේ පිරි­සගේ ලේ නෑයන් සේ දිස්වූ­යේය. වැද­ග­ත්කම යන්න එම පිරි­සගේ කිසි­වක් තුළින් අපට දිස් වූයේ නැත.

මේ සියල්ල අව­සා­නයේ, සමා­ජය පාදඩ ස්වරූ­ප­ය­කට ගෙන එන්නේය. වැද­ග­ත්කම යන්න මිනි­සාට ඇති ප්‍රබ­ලම ආභ­ර­ණය වන්නේය. ඇඳු­මෙන් පම­ණක් වැද­ග­ත්කම එන්නේ නැති වුවද වැද­ග­ත්කම සඳහා ඇඳුම ද අති­ශ­යින්ම වැද­ගත්ය. මේ කිසි­වෙක් නැති බැරි­කම හේතු­වෙන් ඔය ජාතියේ විග­ඩම් ඇඳුම් අඳින්නේ නැත. ඔවුහු හුරුව සිටින්නේ ඔය ජාතියේ නන්න­ත්තාර වූ විලා­සිතා වෙතය. රස්ටෆාරි පිරිස් සේ කිසිදු ගැළ­පී­මක් නැති විලා­සිතා රටා­වන්, පච්චා කොටා ගැනීම් ආදිය මේ සමා­ජයේ ප්‍රච­ලි­තව යනවා කියන්නේ සමා­ජයේ ඇති බර­සා­ර­භා­ව­යට හානි පමු­ණු­වන ලක්ෂ­ණ­යන්ය.

අප අද මේ ජාතියේ විග­ඩම් විවේ­ච­නය නොක­රන්නේ නම්, හෙට අපට ඒවා හමු­වන්නේ, සාලය මැද්දේය. නැත්නම් එහා කම­ර­යෙන්ය. සිය දරු­වන් ඔය ආකා­රයේ පච්ච වඩම් වෙන­වාට කිසිදු වැද­ගත් මවු­පි­යෙක් කැමති නැත. එවන් දේ සඳහා කැමැත්ත ලබා දෙන්නේම ඒ ජාතියේ මවු­පි­යෝය. සමා­ජ­යක් ඉදි­රියේ අදින පල­ඳින ආකා­රය, ආණ්ඩු­ව­කට නීති දමා පෙන්වා දිය නොහැ­කිය. ඒවා සමා­ජ­යෙන්ම උප­දින මත­වාද ඔස්සේ පෝෂ­ණය විය යුත්තේය. ඇඳුම සහ හැඩ­රුව යන්න, රූප රැජන තර­ගය සඳහා පම­ණක් අවශ්‍ය දෙයක් නොවේ. මේ සමා­ජයේ හැසි­රීම් රටාව සඳහා ද එය විසල් සේව­යක් සල­ස­න්නේය. ටැටූ සාප්පුවේ ඉසව්ව දකින, ඉගෙන කියා­ගත්, යම් සමාජ සදා­චා­ර­යක් සහිත අයෙක් වෙත එය මුදා­නො­ගත් කලා­ප­යක, වැසි­යන්ගේ ඉස­ව්වක් ලෙස පෙනී යන්නේය. මේ පාදඩ ගති සහිත පිරිස සඳහා එක්තරා කාල­යක සමා­ජයේ තැනක් තිබු­ණේම නැත. දැන් එම පාදඩ විලා­සය සඳහා එක්තරා පිරි­සක් අනු­ග­තව ඇත්තාහ. මෙය දිගට පැතිරී ගිය­හොත්, අප්‍රි­කාවේ ගෝත්‍රික පිරි­සක් සේ, අප සමා­ජය බාහි­රට පෙනෙ­න්නට පටන් ගන්නවා ඇත.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT