Home » Pink Auto Shop ලංකාවේ ජනප්‍රියම Vehicle සැපයුම්කරු ලෙස සම්මානයට

Pink Auto Shop ලංකාවේ ජනප්‍රියම Vehicle සැපයුම්කරු ලෙස සම්මානයට

by damith
July 13, 2024 1:15 am 0 comment

මෙරට ප්‍රමුඛපෙළේ වාහන Detailing සේවා සපයන්නෙකු වන Pink Auto Shop සමාගම Business World International Organization සංවිධානය කළ BWIO සම්මාන උළෙලේදී ලංකාවේ ජනප්‍රියම වාහන Detailing සේවා සැපයුම්කරු ලෙස සම්මානයෙන් පිදුම් ලැබීය. උසස් ප්‍රමිතියෙන් යුතු වාහන Detailing සේවා සපයන ආයතන හිඟයට පිළියමක් ලෙස 2018දී ඇරැඹූ Pink Auto Shop වාහන Detailing ක්ෂේත්‍රයට අදාළ සියලු සේවා සපයයි. ඉතාලියේ RUPES, එක්සත් රාජධානියේ Gtechniq, අමෙරිකා එක්සත් ජනපදයේ STEK හා JAX WAX සහ චීනයේ SGBC වැනි ක්ෂේත්‍රයේ දැවැන්ත සන්නාම සමඟ එකතු වී ඇති Pink Auto Shop වර්තමානයේදී ක්ෂේත්‍රයේ ඉදිරියෙන්ම සිටියි. Pink Auto Shop විසින් ජාත්‍යන්තර ප්‍රමිතිවලට අනුකූල ශ්‍රී ලංකාවේ එකම වාහන Detailing සේවා මධ්‍යස්ථානය BigFoot නමින් 2019දී ඇරැඹීය. ලංකාවේ කාන්තා පාර්ශ්වයට ද මෙම ක්ෂේත්‍රය ප්‍රථම වරට විවෘත කරමින් රැකියා අවස්ථා බිහි කිරීමට Pink Auto Shop කටයුතු කර ඇත.ඔවුන්ට අනුබද්ධ සමාගමක් වන Pink Academy වාහන Detailing පිළිබඳ ඉහළ පිළිගැනීමක් සහිත අධ්‍යාපන පාඨමාලා රැසක් හඳුන්වා දී ඇත. එය තෘතීයික සහ වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාවේ අනුමැතිය ලබා ඇති අතර NVQ සිව් වැනි අදියරේ සහතික සහ ජාත්‍යන්තර වශයෙන් පිළිගත් RUPES සහතික පිරිනමයි. වසර පහක් වැනි කෙටි කාලයකදී සුවිශේෂ දියුණුවක් ලැබූ Pink Auto Shop දෙවන ශාඛාව දකුණු ආසියාවේ විශාලම වාහන Detailing මධ්‍යස්ථානය වේ. ක්ෂේත්‍රයේ විශාල පෙරළියක් කරමින් ඕනෑම වාර ගණනක් නොමිලේ වාහන Wash, Vacuum, Wax කර ගැනීමේ අවස්ථාව Pinkfinity හරහා සිය විශ්වාසනීය පාරිභෝගිකයන්ට උදා කර දීමට Pink Auto Shop කටයුතු කර ඇත. නව්‍යකරණය සහ නිර්මාණශීලිත්වය අගයන ඔවුන් මෙරට වඩාත් ජනප්‍රිය වාහන දැක්මක් වන The Pinkfest ඇතුළු ඉසව් රැසක් හඳුන්වා දී තිබේ. Pink Auto Shop ශාඛා කෝට්ටේ හා මාදිවෙල නගරාසන්නයේ පිහිටා ඇත.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT