මෙරට රක්‍ෂණ ක්‍ෂේත්‍රයේ ප්‍රමුඛයෙකු වන HNB General Insurance (HNBGI) සිය පාරිභෝගිකයන්ට සුවිශේෂී ප්‍රතිලාභ රැසක් අත්කර දෙමින් HNBGI Loyalty Rewards ප්‍රවර්ධන වැඩසටහන පසුගියදා දියත් කරන ලදි. Loyalty Rewards ප්‍රවර්ධන වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා HNBGI සමාගම විවිධ අංශ යටතේ හවුල්කරුවන් රැසක් සමඟ සහයෝගීතාවයන්ට පිවිස ඇති අතර මේ හරහා සුවිශේෂී ඉතුරුම් අවස්ථා, දීමනා සහ ප්‍රතිලාභ රැසක් පාරිභෝගිකයන්ට ලබා දීමට බලාපොරොත්තු වේ.
2024 ජුනි 17 වැනි දින ආරම්භ වූ HNBGI Loyalty Rewards වැඩසටහන ඔස්සේ HNB General Insurance පාරිභෝගිකයන්ට අපගේ පාර්ශ්වකරුවන්ගෙන් ලබා ගන්නා සේවාවන් සඳහා 50%ක් දක්වා අති විශාල වට්ටම් ලබා ගැනීමට හැකියාව ලැබේ. රථවාහන හිමියන්ට මෙහිදී සැලකිය යුතු ප්‍රතිලාභ රැසක් හිමි වන අතර බැටරි මාරු කිරීම, ටයර් මාරු කිරීම, වාහන සර්විස් කර ගැනීම සහ අලුත්වැඩියාවන් කරගැනීම ඇතුළු අවශ්‍යතාවයන් රැසක් සපුරා ගැනීම වෙනුවෙන් ඇදහිය නොහැකි වට්ටම් ඔවුන්ට හිමි වනු ඇත.
මෝටර් රථ ආශ්‍රිත සේවාවන්වලට අමතරව සුඛෝපභෝගී හෝටල් පහසුකම්, සංචාරක අත්දැකීම්, ජංගම දුරකතන උපාංග, ඇස් කණ්ණාඩි ආශ්‍රිත සේවාවන් වැනි තවත් අවශ්‍යතාවයන් රැසක් සපුරා ගැනීමේදී ද සුවිශේෂී වට්ටම් ලබා ගැනීමට HNB General Insurance රක්ෂණ හිමියන් හට අවස්ථාව උදා වේ.
“අපේ පාරිභෝගිකයන්ට වඩාත් සමීප වෙලා, ඔවුන්ට ඉහළම සේවාවක් ලබා දෙන්න අපි නිරන්තරයෙන්ම උත්සහ කරනවා. ඒ වෙනුවෙන් අපි දක්වන උනන්දුවට සහ කැපවීමට මේ Loyalty Rewards වැඩසටහන හොඳම උදාහරණයක්. අපේ පාරිභෝගිකයන්ගේ අවශ්‍යතාවයන් පිළිබඳව සැලකිලිමත් වෙමින්, ඒ කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරන අපි අපේ පාර්ශ්වකරුවන් එක්ක එකතු වෙලා පාරිභෝගිකයන්ගේ අවශ්‍යතා උපරිමයෙන් තෘප්ත කරන්න මේ වැඩසටහන ඔස්සේ සැලසුම් කරලා තියෙනවා.” යැයි HNB General Insurance ප්‍රධාන විධායක නිලධාරී සිතුමිණ ජයසුන්දර මහතා ප්‍රකාශ කළේය.
“අපි අපේ පාරිභෝගිකයන්ට ලබා දෙන සුවිශේෂී ප්‍රතිලාභ තව තවත් වැඩිදියුණු කිරීම තමයි මේ Loyalty Rewards වැඩසටහනේ අරමුණ වෙලා තියෙන්නෙ. ඒ වෙනුවෙන් අපේ හොඳම පාර්ශ්වකරුවන්ගේ සේවාවන් අත්විඳින්න වගේම ඒ සේවාවන් අත්විඳීමේදී ඉහළම වට්ටම් ලබා ගන්නත් අවස්ථාව උදා කරලා දීලා තියෙනවා.