මහනුවර ප්‍රමුඛතම පෞද්ගලික රෝහලක් වන සුව සෙවන රෝහල සිය අක්ෂි සේවා මධ්‍යස්ථානය තවදුරටත් වැඩිදියුණු කරමින් නව අක්ෂි ශල්‍යාගාරයක් සහ අතිනවීන ZEISS LUMERA® 700 වර්ගයේ ශල්‍ය උපකරණයක් ඊට එක්කර තිබේ. සුව සෙවන අක්ෂි සේවා මධ්‍යස්ථානය වැඩිම අක්ෂි වෛද්‍ය විශේෂඥයන් පිරිසක් සේවය සපයන මහනුවර ප්‍රදේශයේ ප්‍රමුඛතම අක්ෂි සේවා මධ්‍යස්ථානය වන අතර, රුපියල් මිලියන සියයකට අධික ආයෝජනයක් සිදු කරමින් සිය අක්ෂි සේවා මධ්‍යස්ථානය තවදුරටත් දියුණු කිරීම විශිෂ්ට අක්ෂි සේවාවක් වෙනුවෙන් සුව සෙවන රෝහලේ කැපවීම සනාථ කරන්නකි.
2021 වසරේ සිට සුව සෙවන රෝහලේ කළමනාකාරිත්වය රෝහලේ සේවාවන්, පහසුකම් සහ තාක්ෂණික හැකියාවන් තවදුරටත් වැඩිදියුණු කිරීම සඳහා දැවැන්ත ආයෝජනයන් සිදු කරමින් සිටී. මෙම ආයෝජනයන්ගෙන් සැලකිය යුතු කොටසක් ප්‍රදේශයේ ප්‍රමුඛතම අක්ෂි සත්කාර සේවාව වන සුව සෙවන අක්ෂි සේවා මධ්‍යස්ථානයේ සංවර්ධනය වෙනුවෙන් යෙදවීමට කළමනාකාරිත්වය කටයුතු කර තිබීම සුවිශේෂී කරුණකි.
“දශක ගණනාවක් පුරා මහනුවර ප්‍රදේශෙය් අතිවිශාල ජනකායකට සේවය සැපයූ සුව සෙවන අක්ෂි මධ්‍යස්ථානය පරම්පරා ගණනාවක විශ්වාසය දිනූ තැනක්. ඉදිරියේදී දෘෂ්ටිවිතානය ආශ්‍රිත සැත්කම් සිදු කිරීම සඳහා අවශ්‍ය කටයුතු අපි මේ වන විට සම්පාදනය කරමින් සිටිනවා. එනිසා තවදුරටත් රෝගීන්ට දෘෂ්ටිවිතානය ආශ්‍රිත සැත්කම් සඳහා කොළඹට යොමු වීමට අවශ්‍ය නොවනු ඇති” යැයි මේ පිළිබඳව අදහස් දක්වමින් සුව සෙවන රෝහලේ ප්‍රධාන විධායක නිලධාරි නලීන් පැස්කුවෙල් මහතා පැවසීය.