Home » ඔලිම්පික් උණුසුම උත්කර්ෂයට නංවමින් MAS, 2024 පැරිස් ඔලිම්පික් තරගාවලියේ නිල ඇඟලුම් සහකරු ලෙස එක් වෙයි

ඔලිම්පික් උණුසුම උත්කර්ෂයට නංවමින් MAS, 2024 පැරිස් ඔලිම්පික් තරගාවලියේ නිල ඇඟලුම් සහකරු ලෙස එක් වෙයි

MAS මලල ක්‍රීඩා පුහුණු ඇකඩමිය දියත් කරයි

by damith
July 13, 2024 12:30 am 0 comment

• MAS, 2024 පැරිස් ඔලිම්පික් තරගාවලිය සඳහා වන ඔලිම්පික් ඇඟලුම් කට්ටලය එළිදක්වයි

• ක්‍රීඩා අමාත්‍යාංශය, අධ්‍යාපන අමාත්‍යාංශය, ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුව, ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය සහ ඔලිම්පික් උලෙළ නියෝජනය කළ ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගෙන් සැදුම්ලත් ශ්‍රී ලංකා ඔලිම්පියන්ස් සංගමය සමඟ එක්ව MAS මලල ක්‍රීඩා පුහුණු ඇකඩමිය දියත් කරයි

• සමස්ත ලංකා දක්ෂතා පදනම් කර ගනිමින් ඇකඩමියට සිසු සිසුවියන් 56 දෙනෙකු ඇතුළත් කර ගනියි.

MAS Holdings 2024 පැරිස් ඔලිම්පික් උලෙළට සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායමේ නිල ඇඟලුම් සහකරු ලෙස කටයුතු කරන බව පසුගියදා කොළඹදී පැවති විශේෂ උත්සවයකදී නිවේදනය කළේය. ඔලිම්පික් තරග සඳහා සහභාගී වන ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙත නිල වශයෙන් එම ක්‍රීඩා ඇඟලුම් කට්ටල භාරදීමද මෙහිදී සිදු විය. ඊට අමතරව අධ්‍යාපන අමාත්‍ය ගරු සුසිල් ප්‍රේමජයන්ත අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම උත්සවයේදී හෙට දවසේ ඔලිම්පික් තරග නියෝජනය කිරීම වෙනුවෙන් තරුණ මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් හඳුනාගැනීම, සංවර්ධනය හා සහයෝගය ලබාදීම අරමුණු කොට ගත් MAS මලල ක්‍රීඩා පුහුණු ඇකඩමිය දියත් කිරීමද සිදු විය.ඔලිම්පික් තරගාවලිය සඳහා සුදුසුකම් ලැබූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙත සුබ පැතුම් එක් කරමින් MAS Holdings හි සම නිර්මාතෘ හා සභාපති දේශමාන්‍ය මහේෂ් අමලියන් මහතා සඳහන් කර සිටියේ “ශ්‍රී ලංකාවේ ඔලිම්පික් බලාපොරොත්තු සාක්ෂාත් කර ගැනීම හා විශිෂ්ට ක්‍රීඩක ක්‍රීඩිකාවන් ජාත්‍යන්තරයට දායාද කිරීම වෙනුවෙන් නව පරපුරක් පුහුණු කිරීම ඉතා වැදගත් වනවා. මෙවර ඔලිම්පික් තරගාවලිය වෙනුවෙන් සහභාගී වන සියලුම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අපගේ සුභ පැතුම් එක් කර සිටින අතර ඔවුන් දිරි ගැන්වීම වෙනුවෙන් එක් වන ලෙස සියලු ශ්‍රී ලාංකිකයින්ගෙන් ඉල්ලා සිටීමට කැමතියි” යනුවෙනි. මෙවර ඔලිම්පික් තරගාවලිය වෙනුවෙන් සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායමේ නිල ඇඟලුම් කට්ටලය නිර්මාණය කිරීමේ වගකීම MASහි අනුබද්ධ ආයතනයක් වන Bodyline පුද්ගලික සමාගම වෙත පැවරුන අතර ඔවුන් ඒ සඳහා ඓතිහාසික ඇම්බැක්කේ දේවාල කැටයම්හි අන්තර්ගත සුවිශේෂී කැටයමක් වන ‘අංගම්පොර’ කැටයම යොදා ගනු ලැබුවේ ප්‍රෞඪ දේශීය අභිමානය ලොවට ගෙන හැර පෑමට කටයුතු කරමිනි.

MAS මලල ක්‍රීඩා පුහුණු ඇකඩමිය පිළිබඳව අදහස් දක්වමින් ජාතික ඔලිම්පික් කමිටුවේ සභාපති සුරේෂ් සුබ්‍රමනියම් මහතා පැවසුවේ “ඔලිම්පික් ක්‍රීඩා උලෙළ නියෝජනය කිරීමට ලැබීම ඕනෑම ක්‍රීඩකයකුගේ සිහිනයක්. ඔලිම්පික් ඉලක්ක කරගනිමින් අනාගත තරුණ ක්‍රීඩක ක්‍රීඩිකාවන් දිරිමත් කිරීම ඉතා වැදගත් යැයි අප සිතනවා. මෙවර කණ්ඩායම දෙස බලන විට මෙම සිහිනය සැබෑ කරගත හැකි බව අපට ඔවුන්ට පෙන්වා දිය හැකියි. ඒවගේම අපගේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඉදිරියේදී ඔවුන්ගේ ජයග්‍රහණ කරා රැගෙන යාමට MAS මලල ක්‍රීඩා පුහුණු ඇකඩමිය උපකාර වනු ඇතැයි අප තුළ දැඩි විශ්වාසක් තිබෙනවා.” යනුවෙනි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT