Home » බූස්සේ සෝදිසි නව­ත්ව­න්නැයි සහ­කාර බන්ධ­නා­ගාර අධි­කා­රිට තර්ජන

බූස්සේ සෝදිසි නව­ත්ව­න්නැයි සහ­කාර බන්ධ­නා­ගාර අධි­කා­රිට තර්ජන

by damith
July 13, 2024 1:16 am 0 comment

බූස්ස අධි­ආ­ර­ක්ෂිත බන්ධ­නා­ගා­රයේ සිදු කරන සෝදිසි මෙහෙ­යුම් කට­යුතු නව­තා­ද­මන ලෙස එම බන්ධ­නා­ගා­රයේ සහ­කාර බන්ධ­නා­ගාර අධි­කා­රි­ව­ර­යාගේ නිවෙ­සට ගොස් තර්ජ­නය කළේ­යැයි කියන සිද්ධි­යක් පිළි­බඳ පොලි­සිය විම­ර්ශන කට­යුතු ආරම්භ කර තිබේ.

මේ සහ­කාර බන්ධ­නා­ගාර අධි­කා­රි­ව­රයා බූස්ස බන්ධ­නා­ගා­රයේ සේවය කර­මින් සිටි­යදී පසු­ගිය 11 දින ප.ව. 5.00ට පමණ කටු­නා­යක ඔහුගේ නිවෙ­සට නාඳු­නන පුද්ග­ල­යන් දෙදෙ­නකු යතුරු පැදි­ය­කින් පැමිණ ඇත. අධි­කා­රි­ව­ර­යාගේ පියා ඒ අව­ස්ථාවේ එම නිවෙසේ රැඳී සිට ඇති අතර, පැමිණි නාඳු­නන පුද්ග­ල­යන් දෙදෙනා ඩුබායි රටේ සිටින හීන­ටි­යන සංඛ නමැ­ත්තා­ගෙන් යැයි පවසා දුර­ක­තන ඇම­තු­මක් ඔහුට සම්බන්ධ කර දී තිබේ. ඒ ඇමැ­තු­මෙන් අධි­කා­රි­ව­ර­යාගේ පියාට තර්ජ­නය කර ඇත්තේ දැනට බූස්ස බන්ධ­නා­ගා­රයේ සිදු කරන සෝදිසි කට­යුතු නවතා දමන ලෙසයි.

පසු­ගිය දින­වල බූස්ස බන්ධ­නා­ගා­රයේ විශේෂ අංශයේ තිබී දුර­ක­තන කිහි­ප­යක් අත්අ­ඩං­ගු­වට ගැනීම සම්බ­න්ධ­යෙන් බන්ධ­නා­ගා­රයේ රඳවා සිටින පාතාල කල්ලි සාමා­ජි­ක­ය­කුද අධි­කා­රි­ව­ර­යා­ගෙන් විම­සීම් කර තිබිණි. මේ සිද්ධිය පිළි­බඳ පොලි­සි­යට පැමි­ණිලි කිරී­මෙන් පසු විම­ර්ශන කට­යුතු ආරම්භ කර ඇත.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT