ම්ලේච්ඡ ත්‍රස්තවාදී සංවිධානයක් වූ එල්ටීටීඊ සංවිධානයේ ප්‍රභාකරන්වත් කිසිම දිනක පාසල් වසා නොදැමූ බවත් ඊටත් එහා ගිය ම්ලේච්ඡත්වයක් සමගි ජන බලවේගය,ජනතා විමුක්ති පෙරමුණ සහ පෙරටුගාමී පක්ෂය අද ක්‍රියාත්මක කරමින් සිටින බව එජාප මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා ප්‍රකාශ කළේය.
පාසල්වලට යන්නේ නැතිව වර්ජනය කරන්න යැයි ඔවුන්ම පවසමින් සවසට මාධ්‍ය සාකච්ඡා තබා ගුරුවරුන් පාසල් වෙත පැමිණියේ නැති බවත්, වර්ජනය සාර්ථක බවත් කියා ඔවුන්ම මධ්‍ය සංදර්ශන පවත්වන බවත් ඒ මහතා සඳහන් කළේය.
ඒ මහතා මේ බව පැවැසුවේ සිරිකොත පක්ෂ මූලස්ථානයේ පෙරේදා (10) පැවැති මාධ්‍ය හමුවට එක්වෙමිනි.
එහිදී වැඩිදුරටත් එජාප මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා මෙසේද පැවැසීය.
‘පසුගිය දවස්වල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තිබෙන ගැටලුවක් සම්බන්ධව ජනාධිපතිවරයා රටට ප්‍රකාශයක් නිකුත් කළා. වැඩිදුරටත් මමත් ඒ ගැන අදහස් දක්වා තිබෙනවා. එය පදනම් කරගෙන විපක්ෂයේ බොහෝ දෙනා මටත් ජනාධිපතිවරයාටත් විරුද්ධව විවිධ ප්‍රකාශ නිකුත් කරන්න පටන් ගත්තා. ඒ අතරතුරේ සී. ලේනව යන ව්‍යාපාරික මහත්තයා ශ්‍රේෂ්ඨාධිකරණයට ගිහින් ජනාධිපතිවරයාගේ ධුර කාලය සම්බන්ධව නඩුවක් ගොනු කළා. මේ නඩුව ගොනු කරපු කෙනා එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තුවේ කෙනෙක් කියා සුනිල් හඳුන්නෙත්ති ප්‍රකාශයක් නිකුත් කළා. එජාපයට මඩ ගහන්න පටන් ගත්තා. එම පුද්ගලයා එජාපයත් සමඟ කිසිදු සම්බන්ධයක් තිබෙන කෙනෙක් නොවෙයි කියා මම එක්වරකුත් මාධ්‍යයට පැහැදිලි කළා. ඔහු ජාතික සංවර්ධන පෙරමුණේ ජාතික ලැයිස්තුවේ ඉන්න කෙනෙක් කියන එකත් මම ලේඛන සහිතව ඔප්පු කළා. එම ලැයිස්තුවේ පළමුවැනියටම නම සඳහන් වන්නේ රොහාන් පල්ලෙවත්ත කියන පුද්ගලයාගේ තමයි. එම රොහාන් පල්ලෙවත්ත දැන් ඉන්නේ සමගි ජන බලවේගෙය් සජිත් ප්‍රේමදාස සමඟයි. සජිත් ප්‍රේමදාස ඔහුට තනතුරු කිහිපයක් දීලා තිබෙනවා.
සමගි ජන බලවේගයේ වෘත්තීයවේදීන්ගේ සංගමයේ ප්‍රධානියා විදිහට ඔහුව පත් කර තිබෙනවා
ඒ වගේම සමගි ජන බලවේගයේ කෘත්‍යාධිකාරි මණ්ඩලයේ සාමාජිකයෙක් විදිහටත් ඔහු ඉන්නවා. ඒ වගේම විදේශ කටයුතු සහ විදේශ ආර්ථික උපදේශකවරයා විදියටත් ඔහු පත් කර තිබෙනවා. ඒ වගේම රොහාන් පල්ලෙවත්තත් ඔහු සමගි ජන බලවේගයත් එක්ක ඉන්නේ කියන කාරණය තහවුරු කර තිබෙනවා. ඒ නිසා රොහාන් පල්ලෙවත්තගේ ජාතික ලැයිස්තුවේ ගෝලයා තමයි මේ ලේනව කියන මහත්තයායි කියන එක පැහැදිලිව තේරුම් ගන්න පුළුවන්.ඒ අනුව මෙහි පසුබිම ඔබට වටහාගත හැකියි. ඒ නිසා මේ පෙත්සම පිළිබඳව කිසිම සම්බන්ධයක් එක්සත් ජාතික පක්ෂයට නැති බව සඳහන් කළ යුතුයි. එනිසා මෙය ජනාධිපතිවරයාගේ අරමුණක් හෝ එජාපයේ අරමුණක් පෙරදැරිව කරන ලද දෙයක් නොවෙයි කියන එක ඉතා පැහැදිලිව පේනවා. මේ පිළිබඳව රනිල් වික්‍රමසිංහ ජනාධිපති කැබිනට් මණ්ඩලය වෙත වසර පහක් දක්වා පමණක් ජනාධිපතිගේ ධුර කාලය පවත්වා ගැනීම පිළිබඳව පත්‍රිකාවක් ඉදිරිපත් කර තිබෙනවා.
ඒ නිසා ජනාධිපතිවරයාගේ අදහස ඒ තුළ පැහැදිලිව දක්වා තිබෙනවා. ඒ නිසා රංගේ බණ්ඩාර බොරු කියන කෙනෙක් නොවෙයි කියන එක ජනතාවට ඔප්පු වෙනවා. නීති කෙටුම්පත් සම්පාදක දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද ලිපියේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ එක් තැනක පහක් සහ එක් තැනක හයක් විදිහට ජනාධිපතිගේ ධුර කාලය සඳහන් වෙනවා කියන ලිපිය තිබෙනවා. එම කෙටුම්පත ජනාධිපති ලේකම් කාර්යාලය වෙත ඉදිරිපත් කර තිබෙනවා. ඒ වගේම නීතිපති නිල මැදිරිය නිකුත් කරපු ලිපිය තිබෙනවා. වැඩබලන නීතිපතිවරයා විසින් නිකුත් කරපු ලිපිය සඳහන් වෙනවා. 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනෙය් සඳහන් වෙනවා. එහි අසූතුන්වන ව්‍යවස්ථාව පිළිබඳව සටහනක් දැක්වෙනවා. සය අවුරුද්දක් ඉක්මවා යන වචන වෙනුවට පස් අවුරුද්දක් දක්වා යන්න එහි සඳහන් වෙනවා.
ඒ නිසා කැබිනට් එකට මේ යෝජනාව මීට සති තුනකට පෙරම ගෙනත් තිබෙන බව මෙහි තිබෙන දිනත් එක්ක ඔබට දැක ගන්න පුළුවන්. ඒ අනුව එජාපය සහ රනිල් වික්‍රමසිංහ මහතා මැතිවරණවලට යන්න බය නැතිව ඉදිරිපත් වෙනවයි කියන එක ඉතා පැහැදිලිව පෙනෙන්න තිබෙනවා. ඒ බය නැතිකම නිසා තමයි තනි මනුස්සයෙක් විදිහට මේ වගකීම බාර අරගෙන ජනාධිපතිවරයා මේතාක් දුර මේ රට ස්ථාවර කිරීමට පත්කළේ කියන එක සඳහන් කළ යුතුයි. ඒ නිසා තමයි මේ හැමදෙනාම වගකීම් ගන්නේ නැතිව පැන ගිහින් කොහෙට හරි වෙලා නැවතිලා හූ කියන්න පුරුදු වෙලා තිබෙන්නේ. රූපවාහිනී විවාදයකට එන්න කියපු විට ඒකට යන්නේ නෑ, හැංගෙනවා. එජාපයේ නායකත්වයට තරගයක් තිබෙන මොහොතේ කරු ජයසූරිය මහත්තයා බිල්ලට දුන්නා.පාර්ලිමේන්තුවේ ඡන්දෙදි ඩලස් අලහප්පෙරුම බිල්ලට දෙනවා. දැන් මේ ජනාධිපතිවරණයෙනුත් කවුරු හරි ඉදිරිපත් කර පැනලා දුවන්න ලෑස්ති වෙනවා යැයි පැවැසීය.’
නෙත්මි පූජනී රත්නායක සහ ආරියරත්න ගනේගොඩ