Saturday, April 19, 2025
Home » කොටුව ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයාගේ සේවය අත්හිටුවයි

කොටුව ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයාගේ සේවය අත්හිටුවයි

by chanaka
July 12, 2024 10:11 pm 0 comment

නීති විරෝධී ආකාරයෙන් ගල්කිස්ස දිසා විනිසුරු නිල නිවසට ජලය සහ විදුලිය ලබා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ලවී සිටි කොළඹ කොටුව ප්‍රධාන මහෙස්ත්‍රාත් විනිසුරු කෝසල සේනාධීර මහතාගේ සේවය තාවකාලිකව අත්හිටුවීමට අධිකරණ සේවා කොමිෂන් සභාව පියවර ගෙන තිබේ.

පසුගිය 10 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි මහෙස්ත්‍රාත්වරයාගේ සේවය අත්හිටුවා ඇති අතර, සිද්ධිය පිළිබදව විමර්ශන අවසන් වන තෙක් එම තහනම ක්‍රියාත්මක වේ.

වැඩ තහනමට ලක් වු මහෙස්ත්‍රාත්වරයා සිද්ධිය වන අවස්ථාවේ ගල්කිස්ස ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා ලෙස කටයුතු කර ඇති අතර, අධිකරණ අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් මෙම නීති විරෝධි ක්‍රියාව පිළිබදව අධිකරණ සේවා කොමිෂන් සභාව වෙත ලිඛිතව කළ පැමිණිල්ලකට අනුව එම කොමිෂන් සභාව විසින් කරන ලද මුලික විමර්ශනයකට අනුව මෙම පියවර ගෙන ඇත.

ගල්කිස්ස දිසා විනිසුරු නිල නිවසට අනවසරයෙන් ජලය සහ විදුලිය ලබා ගැනීමේ සිද්ධිය ඇතුළු අධිකරණ ක්ෂේත්‍රයේ පවතින ගැටළු පිළිබදව අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය, ජනාධිපති නීතිඥ, ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පසුගියදා පාර්ලිමේන්තුවේදී විශේෂ හෙලිදරව්වක් සිදු කළේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT