අතුරුගිරියේ ටැටූ කඩයේ හිමිකරුගේ හැඬීම මේ දිනවල ‘හිට් එකට’ පාත්‍ර වී ඇත්තේය. අද මේ තීරුවේ මාතෘකාවට යොදා ගෙන ඇත්තේ රෝස පැහැයෙන් යුත්, කොට කලිසමකින් සහ කමිසයකින් සැරසුණු ටැටූ මෑන්, අඬා දොඩාගෙන පවසන වාක්‍යය ය. ටැටූ කඩේ හිමිකරු මේ අමාරුව සඳහා වැටෙන්නේ ව්‍යාපාරයක් ආරම්භ කිරීම සඳහා අවශ්‍ය ප්‍රාග්ධනය පිළිබඳ ගැටලුව හේතුවෙනි. දැනට පෙනී යන ආකාරයට ඔහුට කඩය ආරම්භ කිරීම සඳහා මුදල් ලබාදී ඇත්තේ පාතාලයෙනි. එහි අරමුණ වී ඇත්තේ ඔහුට ද නොදැනෙන ලෙස, අන් සැලසුමක් ක්‍රියාත්මක කිරීමය. ආර්ථික අතින් සමතලා වූ තැනැත්තෝ, හැමවිටම යැපෙන්නෝ අන් සාධක මත්තේය. එක්කෝ ණයට ගත යුතුය. නැතහොත් ඔය ආකාරයට කාගේ හෝ වුවමනාවක් මත්තේ යැපීමට සිදු වෙනවා ඇත්තේය. උපයන ආදායම මද වූ කළ සහ එම ආදායම වියදම් කිරීමේ ක්‍රමවේදය මත මේ ආකාරයට, වහල්භාවය සඳහා ගමන් කිරීමට පුද්ගලයෙකුට පමණක් නොව රටට ද සිද්ධ වන්නේය.
ශ්‍රී ලංකා රජය ලබන ආදායම කොපමණදැයි මේ රටේ ජනතාව දන්නේ නැත. ඔය වැනි සංඛ්‍යා ලේඛන ‘මහප්‍රාණ’ නොවේ. රටේ දිග පළල සහ වර්ග කිලෝමීටර ප්‍රමාණය මෙන්ම මෙවන් දත්ත ද ශ්‍රී ලංකාවේ ජනී ජනයා කට පාඩමෙන් දැන සිටිය යුත්තේය.
2019 දී සමස්ත රාජ්‍ය ආදායම රුපියල් බිලියන 1,891 කි. 2020 වසරේදී, එය රුපියල් බිලියන 1,450 දක්වා පහළට වැටුණේය. 2020 සඳහා රජයේ ආදායම, දළ දේශීය නිෂ්පාදිතයෙන් 10%කට වඩා අඩු වී ගියේය. 2019 වසරේ සිදු කළ, බදු කප්පාදුව සහ කොවිඩ් -19 වසංගතයේ බලපෑම මේ සඳහා හේතු විය. ඒ මොහොතේ ශ්‍රී ලංකාව සිටියේ ලොව අඩුම රාජ්‍ය ආදායම හිමි රටවල් අතරේය.
බංකොලොත්භාවය සඳහා ප්‍රවේශය සැකසෙනුයේ මේ ආකාරයටය.
2022 වසරේ රජය බදු මඟින් ලබාගත් සම්පූර්ණ ආදායම රුපියල් බිලියන 1,751ති. එම මුදලින් රුපියල් බිලියන 1,265ක් හෙවත් 72%කි රාජ්‍ය සේවක වැටුප් සහ විශ්‍රාම වැටුප් සඳහා වැය කළේය. සහනාධාර සඳහා රුපියල් බිලියන 506ක්ද වැය කළ පසු ආණ්ඩුව අතේ කිසිදු මුදලක් නැත්තේය. රටේ සංවර්ධන ක්‍රියාදාමය සඳහා වැය කිරීමට හැම රජයක්ම ණය ගන්නේ මේ නිසාය. යෝධ අකුරෙන් ‘ඔබේ බදු මුදල් ක්‍රියාත්මකයි’ කියා දැන්වීම් ගසා තිබුණත් කරන ලද සෑම සංවර්ධන ක්‍රියාදාමයක්ම එක්කෝ විදේශ ණයය. නැතහොත් ප්‍රදානයන්ය.
ජනතා බදු මුදල් ක්‍රියාත්මක වන්නේ රාජ්‍ය සේවකයන් වෙත වැටුප් ගෙවීම සඳහාය. තමන් ගන්නා සීනි දෙසිය පනහෙන්, සබන් කැටයෙන් ජනතාව බදු ගෙවන්නේ ආණ්ඩුවේ ඔෆිස් එකේ සේවය කරනා පිරිසට බදු ගෙවීමට නම්, එම සේවක කාරකාදීන් ද තමන්ට පඩි ගෙවනා හාම් පුතා කවුරුන්දැයි හරි හැටි හඳුනා ගත යුත්තේය. දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ සභාපති තෙමේ පෙරේදා මාධ්‍ය හමුවක් තබා තප්පුලන ලද්දේය. සිය වැටුප් වර්ධකය දෙස මිස, තමන් වෙත වැටුප් ගෙවනා, ජනයා ගැන ඔවුහු තැකීමක් නැත්තාහ.
දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සෘජු සහ වක්‍ර බදු මඟින් රුපියල් බිලියන 1,550ක් ද රේගුව රුපියල් බිලියන 922ක් සහ සුරාබදු ලෙස රුපියල් බිලියන 169ක්, මෝටර් රථ කොමසාරිස් දෙපාර්තමේන්තුව රුපියල් බිලියන 20ක් ලෙස උපයාගෙන ඇති රාජ්‍ය ආදායම සඳහා දායක වනුයේ මේ රටේ ජනතාවය. එසේ ගන්නා මුදල් ගෙඩිය පිටින්ම, ආණ්ඩුවේ සේවකයන්ගේ වැටුප් සඳහා බැර කරන්නේය.
ඒ වගේම ජනතාවගෙන් සහ සියලුම ක්‍රමෝපායන්ගෙන් රුපියල් බිලියන 3,201ක් 2023 වසරේ දී භාණ්ඩාගාරයට ලැබී තිබේ. එය 2022 වර්ෂයට වඩා විශාල ප්‍රගතියක් බව පැවැසිය හැකිය. 2022 වසරට සාපේක්ෂව 2023 වසරේ දී අය භාරය රුපියල් බිලියන 1,000 කින් පමණ වැඩි වී තිබේ. නමුත් ඊට වඩා වැඩි වේගයකින් වියදම් වැඩි වී තිබේ.
මේ ආකාරයට ගෙඩි පිටින් පඩි ගෙවා, වැඩ නිමවී පාරට පැමිණි කළ, දුම්රිය ස්ට්‍රයික්ය. ස්ථානාධිපතිවරුන්ගේ වර්ජනය හේතුවෙන් දෛනික දුම්රිය ගමන්වාර 295න් ක්‍රියාත්මක වී තිබුණේ 23ක් පමණය. මේ වනාහි වැටුප් ප්‍රශ්නයක් නොව, දේශපාලනය න්‍යාය පත්‍රයක සිග්නල් කණු බවට, ස්ටේෂන් මාස්ටර්ලා පත්වීමේ ඛේදජනක කතාවය.
පෙරේදා දුම්රිය ස්ථානය වෙත පැමිණි මගීහු වෙත පත අට එකට සිඳුවා දුම්රියේ ගමන් කිරීමට සිදුව තිබුණි. තනි අතින් නොව ඇඟිල්ලේ එක පුරුකෙන් දුම්රියේ එල්ලී ඒ මගීහු ගමන් කරන ලද්දේ ටැක්සියක් රැගෙන නිෙවසට යෑම සඳහා මුදල් නොමැතිකම හේතුවෙනි. අතේ සතේ නැතිව, සීසන් එකේ ගෙදර යෑම අනිවාර්ය කටයුත්ත වී ඇති ජනයා, කෝච්චියේ වහලයේ නැඟ හෝ ගෙදර යනවා හැර ඇත්තේ එක් විසඳුමකි. දුම්රිය ස්ථානයේ නිදාගත නොහැකි බැවින්, කොහොම හෝ දුම්රියේ එල්ලී යන සඳ, බෙම්මුල්ලේදී එක මඟියෙක් පත බෑවී ගියේය. ඒ ගෙදර ද අඹු දරුවෝ, මව්පියෝ සිය ආදරණියයා එන තෙක් බලා සිටිනවා ඇත්තේය. අගේට උදේ ගෙදරින් පිටත්ව ගිය, ඉහෙන් බහින ලෙඩක් නොමැති හෙතෙම, දැන් නිෙවසට එන්නේ පෙට්ටියෙනි.
රාජ්‍ය ආදායම, සේවක වැටුප් ගෙවීම සඳහා වියදම් වන කල්හි ටැටූ කඩේ මෑන්ගේ තත්ත්වයට අප වැටුණා කියන්නේ ඔය ලෙසය. දැන් ඇත්තේ අහක යන වෙඩි පත්තුවෙන කළ ද අඬා දොඩා, හිරේ ලගිනවා වැනි වැඩය.