Home » මගේ නිවෙ­සට ගිනි තැබූ මොහොතේ ගෙද­රක අගය හොඳින්ම දැනුණා

මගේ නිවෙ­සට ගිනි තැබූ මොහොතේ ගෙද­රක අගය හොඳින්ම දැනුණා

‘රන්දොර උරු­මය’ මහල් නිවාස හිමි­කම් ඔප්පු පිරි­න­ම­මින් ජන­පති පව­සයි

by Gayan Abeykoon
July 11, 2024 1:00 am 0 comment

චමීර ඇල්ල­දෙ­ණිය
කොළඹ නග­රයේ මහල් නිවා­ස­වල ජීවත් වන අඩු ආදා­ය­ම්ලාභි පවුල් ලක්ෂ දෙක­හ­මා­රක ජන­තා­වට එම නිවා­ස­වල පූර්ණ අයි­තිය පිරි­නැ­මීමේ ‘රන්දොර උරු­මය’ වැඩ­ස­ට­හනේ පළමු අදි­යර ජනා­ධි­පති ලේකම් කාර්යා­ල­යේදී පෙරේදා (09) ආරම්භ වූ අව­ස්ථාවේ ජනා­ධි­ප­ති­ව­රයා නිවාස හිමි­ක­ම්ලා­භි­නි­ය­කට මහල් නිවාස ඒක­ක­යක පූර්ණ හිමි­කම් ඔප්පු­වක් ප්‍රදා­නය කළ අයුරු...

තම නිවෙස මීට වසර දෙක­කට පෙර ගිනි තබා විනාශ කළ අව­ස්ථාවේ ගෙද­රක වටි­නා­කම තමාට තදින් දැනුණු බවත්, ඒ වටි­නා­කම හඳු­නා­ග­නි­මින් කොළඹ නග­රයේ මහල් නිවා­ස­වල ජීවත් වන ලක්ෂ දෙක හමා­රක ජන­තා­වට ඒ නිවා­ස­වල පූර්ණ අයි­තිය හිමි කර දීමේ ‍වැඩස­ට­හන ක්‍රියා­වට නැංවූ බවත් ජනා­ධි­පති රනිල් වික්‍ර­ම­සිංහ මහතා පැව­සීය.

ඔහු මේ බව සඳ­හන් කළේ කොළඹ නග­රයේ මහල් නිවා­ස­වල ජීවත් වන අඩු ආදා­ය­ම්ලාභි පවුල් ලක්ෂ දෙක හමා­රක ජන­තා­වට එම නිවා­ස­වල පූර්ණ අයි­තිය පිරි­නැ­මීමේ ‘රන්දොර උරු­මය’ වැඩ­ස­ට­හනේ පළමු අදි­යර යටතේ නිවාස 50,000ක අයි­තිය ප්‍රදා­නය කිරීමේ සමා­ර­ම්භක උත්ස­වය ජනා­ධි­පති ලේකම් කාර්යා­ල­යේදී පෙරේදා (9) පැවති අව­ස්ථා­වේ­දීය. කොළඹ දිස්ත්‍රි­ක්කයේ මහල් නිවාස සංකීර්ණ 31ක පිහිටි නිවාස 130ක හිමි­කා­රි­ත්වය ප්‍රදා­නය කිරීම මෙහිදී සිදු කෙරිණි.

ජනා­ධි­පති රනිල් වික්‍ර­ම­සිංහ මහ­තාගේ සංක­ල්ප­ය­කට අනුව 2024 අය­වැය යෝජනා මඟින් ලක්ෂ 20ක ජන­තා­වට සින්න­ක්කර ඉඩම් අයි­තිය හිමි කර දීමේ ‘උරු­මය’ වැඩ­ස­ට­හන සහ කොළඹ නග­රයේ මහල් නිවා­ස­වල ජීවත් වන අඩු ආදා­ය­ම්ලාභී පවුල් ලක්ෂ දෙක හමා­ර­කට එම නිවා­ස­වල පූර්ණ අයි­තිය ලබා­දීමේ වැඩ­ස­ට­හන ක්‍රියා­වට නැංවිණි. ජාතික නිවාස සංව­ර්ධන අධි­කා­රිය විසින් මාසි­කව රු. 3,000ක හෝ ඊට අඩු අග­යක කුලී පද­නම මත  අනා­ග­තයේ අයි­තිය ලැබෙන සේ අඩු ආදා­ය­ම්ලා­භීන්ට දී ඇති මහල් නිවාස ඇතුළු සියලු නිවාස සඳහා රු. 150,000ක මුද­ලක් ගෙවා ඇති සහ මෙතෙක් ඒ මුදල ගෙවා නැති නමුත් එය මසක කාල­යක් තුළ ගෙවා අව­සන් කරන ප්‍රති­ලාභී පවුල් 50,000ක් වෙනු­වෙන් පළමු අදි­යර යටතේ  පූර්ණ නිවාස හිමි­කම ප්‍රදා­නය කිරීම සිදු කෙරේ. මේ වසර අව­සන් වන විට ප්‍රති­ලා­භීන් 1,070කට හිමි­කම් ඔප්පු ප්‍රදා­නය කිරී­මට ජාතික නිවාස සංව­ර්ධන අධි­කා­රිය සැල­සුම් කර තිබේ.

මෙහිදී වැඩි­දු­ර­ටත් අද­හස් දැක්වූ ජනා­ධි­පති රනිල් වික්‍ර­ම­සිංහ මහතා:

“අද අප එක්ව සිටින්නේ කොළඹ මහල් නිවා­ස­වල ජීවත් වන ජන­තා­වට ඒ නිවෙසේ පූර්ණ අයි­තිය හිමි වන අව­ස්ථා­ව­ටයි. ඒ වගේම ‘උරු­මය’ වැඩ­ස­ට­හන නග­ර­යට ගෙන එන අව­ස්ථාව ලෙසද මෙය හැඳි­න්විය හැකියි. අප ‘උරු­මය’ වැඩ­ස­ට­හන ආරම්භ කළේ මේ රටේ ජන­තාව පීඩා­වට ලක්ව සිටි කාල­ය­කයි. රජ­යට හැකි පම­ණින් අප ඒ සියලු දෙනාට උදවු උප­කාර කළා. එහිදී අප ප්‍රධාන වශ­යෙන් අව­ධා­නය යොමු කළේ ජන­තා­වට අයි­තිය පිරි­නැ­මීම වෙනු­වෙ­නුයි. ඉඩ­මක අයි­තිය හෝ නිවෙ­සක අයි­තිය ඕනෑම කෙන­කුට ඉතා වැද­ගත්. මෙය ජන­තා­වගේ බලා­පො­රො­ත්තු­වක්. ඒ බලා­පො­රො­ත්තුව ඉටු කිරීම වෙනු­වෙන් අප මේ වැඩ­ස­ට­හන ක්‍රියා­ත්මක කළා.

“මේ සියල්ල සිදු කිරී­මට පෙර රට තුළ ආර්ථික ස්ථාව­ර­ත්ව­යක් ඇති කර­ගැ­නී­මට සිදු වුණා. ඒ වගේම රට තුළ නීතිය හා සාමය ආරක්ෂා කිරී­මට සිදු වුණා. මීට වසර දෙක­කට පෙර රටේ අනා­ග­තය පිළි­බඳ සිය­ලු­දෙනා බිය වී සිටියා. එහෙත් අද අප රට තුළ ආර්ථික ස්ථාව­ර­ත්ව­යක් ඇති කර තිබෙ­නවා. ඒ ආර්ථික ස්ථාව­ර­ත්ව­යෙහි වාසිය ජන­තා­වට දීමට අප කට­යුතු කර­නවා. එය ක්‍රියා­ත්මක කිරීම වෙනු­වෙන් අණ්ඩු­වක් ලෙස අප සියලු දෙනා එක් වුණා.

“මීට වසර දෙක­කට පෙර මගේ නිවෙස ගිනි­බත් වූ අව­ස්ථාවේ ගෙද­රක වටි­නා­කම මට දැනුණා. ඒ පිරිස කිසි­ව­කුට එම ස්ථාන­යට ඒමට පවා ඉඩ දුන්නේ නෑ. ගිනි නිවී­මට ගුවන් හමු­දාව පැමි­ණියා නම් වෙඩි තැබී­මට සිදු වනවා. වෙඩි තිබා මිනි­සුන් මැරී­මට මා කැමැති වුණේ නැහැ. එනිසා එහි තිබූ මගේ පොත්පත් ඇතුළු සියල්ල විනාශ වී ගියා. ඒ අව­ස්ථාවේ නිවෙ­සක වටි­නා­කම මට වඩාත් තදින් දැනුණ නිසා ජන­තා­වට නිවාස අයි­තිය දීම වෙනු­වෙන් මේ ව්‍යාපෘ­තිය ආරම්භ කළා. ඒ නිසා ‘උරු­මය’ වැඩ­ස­ට­හන ගමට සීමා නොකර නග­ර­යට ගෙන ඒමට අපට හැකි වුණා. ගමේ ලක්ෂ 20ක ජන­තා­වට ‘උරු­මය’ වැඩ­ස­ට­හන යටතේ ඉඩම් අයි­තිය හිමි වනවා. ලක්ෂ දෙක හමා­ර­කට කොළඹ නග­රයේ නිවෙ­සක උරු­මය හිමි වනවා. ඔබ මේ නිවෙස ආරක්ෂා කර­ගත යුතුයි; ඒ වගේම එය ලස්ස­නට පිරි­සු­දුව තබා­ගත යුතුයි. ඒ තුළ ඔබේ අනා­ග­තය ගොඩ­න­ඟා­ගත යුතුයි

ජන­පති මහල් නිවාස ඒක­ක­යක පූර්ණ හිමි­කම් ඔප්පු­වක් ප්‍රදා­නය කර­මින්...

ජන­පති මහල් නිවාස ඒක­ක­යක පූර්ණ හිමි­කම් ඔප්පු­වක්
ප්‍රදා­නය කර­මින්…

“ජන­තා­වට හැකි තරම් සහන සලසා දීමට අප ආණ්ඩු­වක් ලෙස ක්‍රියා කර­මින් සිටි­නවා. මේ රටේ ජන­තාව අත්විඳි දුක අප සියලු දෙනා දන්නවා. එදා මම මේ රට භාර ගත් අව­ස්ථාවේ රට තුළ වෙන­සක් සිදු කළ යුතුයි කියා මම සිතුවා. එම වෙනස කරන්නේ සටන් පාඨ කිය­මින් හෝ මහ පාරේ කෑගසා නොවෙයි. ඒ වෙනස සිදු කරන්නේ පෙත්සම් අත්සන් කර නොවෙයි. අර­මු­ණක් තිබෙ­නවා නම් එම අර­මුණ ඔස්සේ වැඩ කළ යුතුයි.

අපේ රට අද තිබෙන තත්ත්ව­යට ගෙන ඒමට හැකි වනු ඇතැයි කිසි­වකු සිතුවේ නැහැ. අපට මේ වැඩ සිදු කිරී­මට හැකි වූයේ කැප වී කට­යුතු කළ නිසයි. ඒ නිසා මම මේ සියලු මැති ඇමැ­ති­ව­රුන්ට ස්තුති කළ යුතුයි. අප සියලු දෙනා එක්ව මේ කට­යුතු තව­දු­ර­ටත් ඉදි­රි­යට ගෙන යා යුතුයි. ආපසු පැරණි තත්ත්ව­යට යෑමට කිසි­වකු කැමැති වෙයි කියා මා සිතන්නේ නැහැ. ඔබට වඩා ඔබේ දරු­වන්ගේ අනා­ග­තය වෙනු­වෙන් අපට තව දිගු ගම­නක් යෑමට තිබෙ­නවා. ඒ වෙනු­වෙන් අපට කළ හැකි හොඳම කට­යුත්ත ජන­තා­වට අයි­තිය හිමි කර දීමෙන් අද අප සිදු කර තිබෙන බව මා විශ්වාස කර­නවා.”

නාග­රික සංව­ර්ධන හා නිවාස ඇමැති ප්‍රසන්න රණ­තුංග මහතා:

“2024 අය­වැය ඉදි­රි­පත් කර­මින් ලක්ෂ විස්සක ජන­තා­වට සින්න­ක්කර ඉඩම් ඔප්පු පිරි­නැ­මී­මට ජනා­ධි­ප­ති­තුමා යෝජනා කළ අව­ස්ථාවේ විප­ක්ෂයේ ඇතැම් කණ්ඩා­යම් ඒ යෝජ­නාව අව­ඥා­වට ලක් කළා. එහෙත් ජනා­ධි­ප­ති­තුමා ඒ අව­ස්ථාවේ සිනා සී, ‘උරු­මය’ සින්න­ක්කර ඔප්පු පිරි­නැ­මීමේ වැඩ­ස­ට­හන ක්‍රියා­ත්මක කරන ලෙස අපට උප­දෙස් දුන්නා. පාස­ලට දරු­වකු ඇතු­ළත් කර­ගැ­නී­මට, ශල්‍ය­ක­ර්ම­යක් සඳහා මුදල් සම්පා­ද­නය කර­ගැ­නී­මට, බැංකු ණයක් ගැනී­මට මේ නිවා­ස­වල සින්න­ක්කර ඔප්පු හිමි වීමෙන් ඔබට හැකි වනවා. මීට වසර දෙක­කට පෙර අද වැනි දිනක ජනා­ධි­පති රනිල් වික්‍ර­ම­සිංහ මහ­තාගේ එකම නිවෙස අර­ග­ල­ක­රු­වන් විසින් ගිනි­බත් කළා. ඒ අර­ග­ල­ක­රු­වන් විනාශ කළේ නිවෙ­සක් නොවේ ඉති­හා­ස­යක්. ඒ නිවෙසේ වටිනා පුස්ත­කා­ල­යක්, වටිනා පිළිම, වටිනා චිත්‍ර වැනි බොහෝ දේ තිබුණා. එතු­මාගේ නිවෙස අහිමි වී වසර දෙකක් ගත වන මේ මොහොතේ ඔබේ නිවාස අයි­තිය තහ­වුරු කිරීමේ වැඩ­ස­ට­හන ආරම්භ කර තිබෙ­නවා. සැබෑ නාය­ක­යකු හඳු­නා­ගත හැකි වන්නේ අර්බුද අව­ස්ථා­ව­ක­දීයි. රනිල් වික්‍ර­ම­සිංහ මහතා අර්බු­දය හමුවේ රටේ වග­කීම භාර ගෙන රට ස්ථාවර කිරී­මට කට­යුතු කළා වගේම පීඩා­වට පත් ජන­තා­වට ‘අස්වැ­සුම’ සහ ‘උරු­මය’ වැනි වැඩ­ස­ට­හන් මඟින් සහන සලසා දීමට කට­යුතු කර තිබෙ­නවා.”

රාජ්‍ය අමාත්‍ය තේනුක විදා­න­ග­මගේ, ජාතික ආර­ක්ෂාව පිළි­බඳ ජනා­ධි­පති ජ්‍යෙෂ්ඨ උප­දේ­ශක හා ජනා­ධි­පති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නා­යක මහ­ත්ව­රුන්ද මෙහිදී අද­හස් පළ කළ අතර, රාජ්‍ය ඇමැති අරු­න්දික ප්‍රනාන්දු, නාග­රික සංව­ර්ධන හා නිවාස අමා­ත්‍යාං­ශයේ ලේකම් ඩබ්.එස්. සත්‍යා­නන්ද, ජාතික නිවාස සංව­ර්ධන අධි­කා­රියේ සභා­පති රජීව් සූරි­ය­ආ­රච්චි මහ­ත්ව­රුන් ඇතුළු නිල­ධා­රීහු හා නිවාස හිමි­ක­ම්ලා­භීහු පිරි­සක් මේ අව­ස්ථා­වට එක්ව සිටි­යහ.

නිවාස හිමි­ක­ම්ලා­භීන් ඇතුළු පැමිණ සිටි පිරි­සෙන් කොට­සක්

නිවාස හිමි­ක­ම්ලා­භීන් ඇතුළු පැමිණ සිටි පිරි­සෙන් කොට­සක්

ඡායා­රූප – හිරන්ත ගුණ­ති­ලක

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT