Saturday, April 19, 2025
Home » දිනු­රගේ ශත­ක­යෙන් යොවුන් පිල 324යි

දිනු­රගේ ශත­ක­යෙන් යොවුන් පිල 324යි

by Gayan Abeykoon
July 11, 2024 1:03 am 0 comment

නිරෝ­ෂාන් ප්රියං­කර

නායක දිනුර කළු­ප­හන වාර්තා කළ සට­න්කාමී ශත­කය හේතු­වෙන් සංචා­රක එංග­ලන්ත යොවුන් ක්‍රිකට් කණ්ඩා­යම සමඟ වෝර්ල්ම්ස්ලි­හිදී පැවැ­ත්වෙන පළමු නිල නොවන සිව්දින ටෙස්ට් තර­ග­යේදී පළමු ඉනිම වෙනු­වෙන් ලකුණු 324ක් රැස් කිරී­මට සංචා­රක ශ්‍රී ලංකා යොවුන් කණ්ඩා­යම සමත් විය.

පිළි­තුරු ඉනිම ක්‍රීඩා කරන එංග­ල­න්තය යොවුන් පිල ඊයේ සවස තේ පානය සඳහා තර­ගය නතර කරන විට කඩු­ල්ලක් දැවී ලකුණු 29ක් රැස් කර තිබිණි.

වර්ෂාවේ බාධා මැද පැවති තර­ගය තෙවැනි දින­යට ක්‍රියා­ත්මක වූ ඊයේ පිටි­යට පිවිසි දිනුර සහ දිනිරු අබේ­වි­ක්‍ර­ම­සිංහ සිය සබ­ඳ­තා­වට තවත් ලකුණු 25ක් එක් කළ අතර, දිනයේ පළමු කඩුල්ල ලෙස දිනිරු ලකුණු 43කට දැවී ගියේය. තවත් ලකුණු 27ක් එක් වෙද්දී මුළු ලකුණු 229දී දිනුර කඩුල්ල මුවා කිරීමේ වර­දට හසු විය. ඒ වන විට ඔහු පන්දු 144කට මුහුණ දෙමින් හතරේ පහර 13ක් සහ හයේ පහ­රක් සමඟ ලකුණු 104ක් රැස් කළේය. අන­තු­රුව පිටි­යට පිවිසි නාදන් කල්දෙරා පසු පෙළ පිති­ක­රු­වන් සමඟ එක්ව ඉනිම ලකුණු 324ක් දක්වා ඉදි­රි­යට ගෙන ගිය අතර, ඔහු අව­සන් කඩුල්ල ලෙස දැවී ගියේ ලකුණු 55ක් රැස් කර සිටි­ය­දීය. හතරේ පහර 5ක් එල්ල කළ ඔහු පන්දු 114කට මුහු­ණදී තිබිණි. පන්දු යැවී­මේදී ඒ.එම්. ෆ්‍රෙන්ච් කඩුලු 4ක් දවා ගත්තේය.

අද තර­ගයේ අව­සන් දින­යයි.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT