බුලත්සිංහල ප්රදේශයේ පුද්ගලයෙකු නිදි ඇඳේ මියගොස් සිටියදී සොයා ගත් බව බුලත් සිංහල පොලිසිය පවසයි. මෙසේ මියගොස් ඇත්තේ අරුග්ගම්මන කංකානම්ලාගේ විරංග රුවන් නමැති 31 හැවිරිදි විවාහක පුද්ගලයෙකි. ඔහුගේ බිරිය විදේශගතව සිටින අතර ඔහු බුලත්සිංහල, අමරගෙදර, දෙල්මෑල්ල ලිපිනයේ සහෝදරයාගේ නිවසේ සිට ඇති බව අනාවරණය වී තිබේ.
බැකෝ රියැදුරෙකු ලෙස කටයුතු කරන මියගිය අය පෙරේදා (09) රාත්‍රී ආහාර ගැනීමෙන් පසු 9.00ට පමණ සහෝදරයාගේ නිවසේ පිටතින් ඇති කාමරයේ නිදාගෙන ඇතැයි පොලිසිය පවසයි. උදෑසන 7.00ට පමණ සුපුරුදු පරිදි ඔහු අවදි නොවීම නිසා සහෝදරයා විසින් ඔහු අවදි කිරීමට කටයුතු කර ඇති අතර පසුව ඔහු මියගොස් ඇති බව දැනගෙන තිබේ.
පොලිසියට මේ බව දැනුම් දීමෙන් පසු මෘතදේහය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා හොරණ දිස්ත්‍රික් මහ රෝහල වෙත රැගෙන ඒමට කටයුතු කර තිබේ. බුලත්සිංහල පොලිසිය විමර්ශන සිදු කරනු ලබයි.