Home » පොල් කොහු කම්හ­ල­කට ගිනි ඇවි­ළී­ කෝටි තුනක අලා­භ­යක්

පොල් කොහු කම්හ­ල­කට ගිනි ඇවි­ළී­ කෝටි තුනක අලා­භ­යක්

by Gayan Abeykoon
July 11, 2024 2:04 am 0 comment

උතුරු පළාත් විශේෂ රසුල දිල්හාර ගමගේ

මුල­තිව් විශ්ව­මඩු ප්‍රදේ­ශයේ පිහිටි පොල් ලෙලි කැබලි කරන හා පොල් කොහු නිෂ්පා­දිත කම්හ­ල­කට ගිනි ඇවි­ළී­මෙන් පෙරේදා (09) රුපි­යල් කෝටි තුනක පමණ අලා­භ­යක් සිදුව තිබේ.

මෙම කර්මාන්ත ශාලාව යුද්ධ­යෙන් පීඩා­වට පත් වැන්දඹු කාන්තා­වන්ගේ ආර්ථි­කය ශක්ති­මත් කිරීම පිණිස විදේශ ආධාර යටතේ වසර අටක සිට ක්‍රියා­ත්මක වන කර්මාන්ත ශාලා­වකි.

කාන්තා­වන් 120ක් පමණ මෙම කර්මාන්ත ශාලාවේ විවිධ අංශ­වල සේවය කළ අතර පොල් ලෙලි හා පොල් කොහු ආශ්‍රිත භාණ්ඩ නිප­ද­වීම මෙම කර්මාන්ත ශාලා­වෙන් සිදු වී තිබේ. හදි­සි­යේම කර්මාන්ත ශාලාව ගිනි ගැනී­මත් සම­ඟම මුල­තිව් පළාතේ සිය­ලුම ගිනි නිවන ඒකක පැමිණ ගින්න නිවා දැමී­මට උත්සාහ කොට ඇතත් දැඩි අව් රශ්මිය නිසා ගින්නෙන් මුළු කර්මාන්ත ශාලා­වම හා එහි තිබූ යන්ත්‍ර සූත්‍ර විනාශ වී ගොස් තිබේ.ගින්නට හේතුව මෙතෙක් අනා­ව­ර­ණය වී නොමැති අතර විශ්ව­මඩු පොලි­සිය සිද්ධිය සම්බ­න්ධ­යෙන් පරී­ක්ෂණ ආරම්භ කොට තිබේ.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT