Home » වසර 165ක් පැරණි මාතලේ වික්ටෝ­රියා සිහි­ව­ට­නය සහිත විදුලි පහන් කණු­වට හානි වන පරිදි වෙනත් ඉදි­කි­රී­මක්

වසර 165ක් පැරණි මාතලේ වික්ටෝ­රියා සිහි­ව­ට­නය සහිත විදුලි පහන් කණු­වට හානි වන පරිදි වෙනත් ඉදි­කි­රී­මක්

by Gayan Abeykoon
July 11, 2024 2:40 am 0 comment

මාතලේ මධ්යම සමූහ

එංග­ල­න්තයේ වික්ටෝ­රියා රැජින ශ්‍රී ලංකාවේ සිදු කළ සංචා­රය සනි­ටු­හන් කිරීම සඳහා මාතලේ නගර මධ්‍යයේ ඉදි­කර තිබූ පෞරා­ණික වටි­නා­ක­ම­කින් යුත් විදුලි පහන් කණු­වක් සහිත වට­ර­වුම තුළ පෞරා­ණික වටි­නා­ක­මට හානි වන අයු­රින් වෙනත් ඉදි­කි­රී­මක් සිදු කිරී­ම­ටත් පිය­වර ගෙන තිබේ.

මාතලේ නග­රයේ අධ්‍යා­පන වට­ර­වුම තුළ (1837-1897) වසර තුළදී වික්ටෝ­රියා රැජි­නගේ පාලන සමය සනි­ටු­හන් කිරීම සඳහා ඉදි­කර තිබූ මෙම පුරා­වි­ද්‍යා­ත්මක වටි­නා­ක­ම­කින් යුත් පෞරා­ණික විදුලි පහන් කණුව වසර 165කට ආසන්න කාල­යක් මෙම ස්ථානය තුළ පැව­ති­යේය.

එය නග­රයේ පෞරා­ණික බව හා අලං­කා­රය වෙනු­වෙන් පැවති මාතලේ සංකේ­ත­යක් වන අතර පහන් කුලුන එම ස්ථාන­යෙන් ඉවත් කර පෞද්ග­ලික දුර­ක­තන සමා­ග­මක කුලු­නක් හා ප්‍රචා­රක පුවරු ඉදි­කි­රීම සිදු­ක­ර­ගෙන යනු ලබයි.

ශ්‍රී ලංකාවේ හොකී ක්‍රීඩාවේ නිජ­බිම ලෙස සැල­කෙන මාතලේ නග­රයේ මෙම ස්ථානයේ හොකී ස්මාර­ක­යක් ඉදි­කි­රී­මට හිටපු හමු­දා­පති හා ආර­ක්ෂක මාණ්ඩ­ලික ප්‍රධානී ශවේන්ද්‍ර සිල්වා මහ­තාගේ ප්‍රධා­න­ත්ව­යෙන් සිදු කිරී­මට සැල­සුම් කළ ද එම ස්ථානය පුරා­වි­ද්‍යා­ත්මක අග­යක් ඇති ස්ථාන­යක් බැවින් එම ඉදි­කි­රීම සිදු කිරී­මට අව­සර ලබා දී නොමැත.

එම ස්ථානයේ සිදු­ක­රනු ලබන ඉදි­කි­රී­මට විරු­ද්ධව හිටපු නාග­රික මන්ත්‍රී­ව­ර­යකු වන රොෂාන් ද සිල්වා මහතා විසින් මාතලේ පොලි­සිය වෙත පැමි­ණි­ල්ලක්ද කර තිබේ.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT