Home » විදුලි බලය නැතිව අම්බ­ල­න්ගොඩ ආදා­හ­නා­ගා­රයේ ආදා­හන කට­යුතු ප්‍රමාදවෙයි

විදුලි බලය නැතිව අම්බ­ල­න්ගොඩ ආදා­හ­නා­ගා­රයේ ආදා­හන කට­යුතු ප්‍රමාදවෙයි

by Gayan Abeykoon
July 11, 2024 2:04 am 0 comment

කර­න්දෙ­ණිය සමූහ - අනු­රාධ ප්රිය­ද­ර්ශන

අම්බ­ල­න්ගොඩ නගර සභා­වට අයත් පට­බැ­ඳි­මුල්ල ප්‍රදේ­ශයේ පිහිටි ආදා­හ­නා­ගා­රයේ පෙරේදා (9) මිය­ගිය කාන්තා­වන් දෙදෙ­න­කුගේ සිරුරු ආදා­හ­නය කිරී­මට නොහැකි වීම නිසා මෙම මිය­ගිය අයගේ ඥාතීන් බල­වත් අප­හ­සු­තා­වට පත් වී තිබේ.

මිය­ගිය අයගේ ඥාතීන් ආදා­හ­නා­ගා­රය භාරව සිටි සේව­ක­ය­න්ගෙන් ආදා­හ­නය කිරීම ප්‍රමාද කිරී­මට හේතුව විමසූ විට ඔවුන් පවසා ඇත්තේ විදුලි බලය නොමැති නිසා ආදා­හන කට­යුතු කිරීම කළ නොහැකි බවයි. මිය­ගිය අය ගල­ගොඩ සහ කහව ප්‍රදේ­ශයේ පදිංචි අය වන අතර ඔවුන්ගේ පදිං­චිය අම්බ­ල­න්ගොඩ නගර සභා සීමා­වෙන් බාහිර ප්‍රදේ­ශ­වල නිසා වැඩි­පුර මුද­ලක් ආදා­හ­නය සඳහා ගෙවී­මට සිදු වී ඇත. මෙසේ ආදා­හන කට­යුතු නිය­මිත වෙලා­වට සිදු කිරී­මට නොහැකි වූයේ නඩත්තු කට­යුතු සඳහා අම්බ­ල­න්ගොඩ නග­රයේ විදුලි බලය එදින පුරාම විසන්ධි කොට තිබූ බැවිනි. මේ පිළි­බ­ඳව ලංකා විදුලි පෞද්ග­ලික සමා­ග­මෙන් විම­සී­මේදී ඔවුන් පැව­සුවේ පෙරේදා (9) විදු­ලිය නඩත්තු කට­යුතු පිළි­බ­ඳව පුව­ත්පත් සහ කෙටි පණි­විඩ මඟින් දැනු­ම්වත් කර තිබූ බවයි. නමුත් නගර සභාවේ නිල­ධා­රීන් එය නොදැන ආදා­හන කට­යුතු කිරී­මට නිය­මිත වෙලා­වට පැමි­ණෙන ලෙස මිය­ගිය අයගේ ඥාතීන් හට දන්වා තිබේ.

ආදා­හන කට­යුතු විදුලි බලය ලැබී­මෙන් අන­තු­රුව රාත්‍රි­යේදී සිදු කරන ලදි.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT