Home » හොර­කම් කළ ගව­යන් පට­වා­ගෙන යද්දී වෑන් රිය අන­තු­රට ලක්වෙයි

හොර­කම් කළ ගව­යන් පට­වා­ගෙන යද්දී වෑන් රිය අන­තු­රට ලක්වෙයි

සැක­කරු මාට්ටු

by Gayan Abeykoon
July 11, 2024 2:30 am 0 comment

උතුරු පළාත් විශේෂ රසුල දිල්හාර ගමගේ

කුලි­යට ලබා ගත් වෑන් රථ­ය­කින් හොර­කම් කරන ලද ගව­යන් දෙදෙ­නකු රැගෙන යමින් සිටි­යදී වවු­නි­යාව පොලි­සිය විසින් එම ගව­යන් දෙදෙනා හා සැක­ක­රු­වකු පෙරේදා (9) අත්අ­ඩං­ගු­වට ගෙන තිබේ.

වවු­නි­යාවේ ආච්චි­පු­රම් ප්‍රදේ­ශ­යෙන් කුලි­යට ගත් එම වෑන් රථ­යෙන් වවු­නි­යාවේ කෝවි­ල්කු­ලම ප්‍රදේ­ශ­යේදී හොර­කම් කරන ලද ගව­යන් දෙදෙ­නකු පට­වා­ගෙන යමින් සිටි­යදී වෑන් රථය අන­තු­ර­කට ලක්ව ඇත. අසල වූ ගරා­ජ­ය­කට වෑන් රථය දමා ගව­යන් දෙදෙනා වෑන් රථ­යෙන් එළි­යට ගෙන මස් පිණිස අලෙවි කිරී­මට සූදා­නම් වූ අව­ස්ථා­වේදී වවු­නි­යාව පොලි­සියේ අප­රාධ විම­ර්ශන අංශ­යට ලැබුණු තොර­තු­රක් මත පොලි­සිය එම ස්ථාන­යට ගොස් සක­ක­රුව අත්අ­ඩං­ගු­වට ගෙන ඇත.

වවු­නි­යාව පොලි­සිය අදාළ සැක­ක­රුව වවු­නි­යාව අධි­ක­ර­ණය වෙත ඉදි­රි­පත් කිරී­මට පිය­වර ගෙන තිබේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT