Home » ප්‍රජා දාය­ක­ත්ව­යෙන් සංව­ර්ධ­නය කළ ශ්‍රී ලංකාවේ හොඳම රෝහල් ඒකකය ලෙසින් කර­ඬු­පන ප්‍රාථ­මික වෛද්‍ය සත්කාර ඒක­කය සම්මා­න­යට පාත්‍ර වෙයි

ප්‍රජා දාය­ක­ත්ව­යෙන් සංව­ර්ධ­නය කළ ශ්‍රී ලංකාවේ හොඳම රෝහල් ඒකකය ලෙසින් කර­ඬු­පන ප්‍රාථ­මික වෛද්‍ය සත්කාර ඒක­කය සම්මා­න­යට පාත්‍ර වෙයි

by Gayan Abeykoon
July 11, 2024 2:24 am 0 comment

කෑගල්ල විශේෂ - චමින්ද ජය­ලත්
කෞශල්‍ය පලු­ග­ස්වැව මහතා ඇතුළු කාර්ය මණ්ඩ­ලය

ප්‍රජා දාය­ක­ත්වය යටතේ සිදු කළ රෝහල් සංව­ර්ධ­නය වෙනු­වෙන් ශ්‍රී ලංකාවේ හොඳම රෝහල සඳහා වූ සම්මා­නය කෑගල්ල, කර­ඬු­පන ප්‍රාථ­මික වෛද්‍ය සත්කාර ඒක­ක­යට හිමි වූ බව ආය­තන භාර වෛද්‍ය කෞශල්‍ය පලු­ග­ස්වැව මහතා පෙරේදා (9) පැවැ­සීය.

සෞඛ්‍ය අමා­ත්‍යාං­ශය ප්‍රාථ­මික සෞඛ්‍ය ප්‍රති­කාර පද්ධති සවි­බල ගැන්වීමේ ව්‍යාපෘ­තිය ආරම්භ කර තිබූ අතර ප්‍රජා සහ­භා­ගී­ත්වය මඟින් ග්‍රාමීය රෝහල්

සම්මා­නය

සම්මා­නය

සංව­ර්ධ­නය කිරීම මෙහි මූලික අර­මුණ වී තිබිණි. වස­රක කාල­ය­කින් ව්‍යාපෘ­තිය අව­සන් කිරී­මෙන් පසුව කෑගල්ල, කර­ඬු­පන ප්‍රාථ­මික වෛද්‍ය සත්කාර ඒක­ක­යට එහි ප්‍රථම ස්ථානය හිමි වී ඇත. මෙම ජය­ග්‍ර­හණ සඳහා වන සම්මාන පිරි­නැ­මීම සෞඛ්‍ය අමා­ත්‍යාං­ශයේ ලේකම් විශේ­ෂඥ වෛද්‍ය පී.ජී මහී­පාල මහ­තාගේ ප්‍රධා­න­ත්ව­යෙන් ඉකුත් දා කොළඹ වෛද්‍ය පීඨ ශ්‍රව­ණා­ගා­ර­යේදී සිදු කෙරිණි. එහිදී විශේ­ෂඥ වෛද්‍ය­ව­රුන් වන පාලිත අබේ­කෝන් සහ වින්‍යා ආරි­ය­රත්න මහ­ත්මිය විසින් එම සම්මා­නය කෑගල්ල, කර­ඬු­පන ප්‍රාථ­මික වෛද්‍ය සත්කාර ඒක­කයේ ආය­තන භාර වෛද්‍ය නිල­ධාරී වෛද්‍ය කෞශල්‍ය පලු­ග­ස්වැව මහතා වෙත ප්‍රදා­නය කරනු ලැබීය.

කර­ඬු­පන ප්‍රාථ­මික වෛද්‍ය සත්කාර ඒක­ක­යට ග්‍රාම­සේවා වසම් 11ක 14,470ක් වන ජනයා වෙනු­වෙන් අනි­වා­ර්ය­යෙන් සෙත සැල­සී­මට සිදුව ඇති අතර ඊට අම­ත­රව දිය­ගම, මීපි­ටිය, කළු­ගල්ල, මංග­ල­ගම, කුඹ­ල්දී­වෙල, හිරි­ව­ඩුන්න හා දුණු­කේ­වල යන ග්‍රාම­සේවා වසම් හතෙහි පදිං­චිව සිටින 14,335ක ජනයා ඇතුළු 28,000කට වැඩි පිරි­ස­කට ද ප්‍රති­කාර ලබා දීම සිදු කෙරේ.

නව ආය­තන භාර වෛද්‍ය නිල­ධාරී කෞශල්‍ය පලු­ග­ස්වැව මහතා සිය සම්මා­නය සම්බ­න්ධ­යෙන් මෙසේ කීවේය.

“2022 ඔක්තෝ­බර් 18 වැනි දින කර­ඬු­පන ප්‍රාථ­මික වෛද්‍ය සත්කාර ඒක­කයේ ආය­තන භාර වෛද්‍ය නිල­ධා­රි­ව­රයා ලෙස මම වැඩ භාර ගත්තා. එදින රෝහල දැකලා මට ලොකු කම්ප­න­යක් ඇති වුණා වස­රක් වැනි කාල­ය­කදී කොහො­මද මේක දියුණු කරන්නේ කියලා. මම එන­කොට ලෝක බැංකු ණය ආධාර යටතේ සෞඛ්‍ය අමා­ත්‍යාං­ශය මඟින් ප්‍රාථ­මික සෞඛ්‍ය සේවා පද්ධති සවි­බල ගැන්වීමේ වැඩ­ස­ට­හ­නක් ක්‍රියා­ත්ම­කව තිබුණා. මම ආපු පළමු දවසේ ඒ ව්‍යාපෘ­තිය ගැන කිය­වලා බැලුවා. පසුව කාර්ය මණ්ඩ­ල­යත් සමඟ සාකච්ඡා කරලා වැටී ඇති තත්ත්ව­යෙන් ගොඩ ගැනී­මට සැලැ­ස්මක් හැදුවා.

මට ඉතා­මත් හොඳ කාර්ය මණ්ඩ­ල­යක් ඉන්නවා.

ලංකාවේ පළමු තැන එයි කියලා හිතුවේ නෑ. රෝගි­යාට හොඳ සේවා­වක් දීලා සතුටු කරලා යවන්න පම­ණයි අපට ඕනෑ කරලා තිබුණේ. ප්‍රති­කාර ගන්න එන රෝගියා උදේ ගෙද­රින් එන්නේ කිසිම ආහා­ර­යක් ගෙන නෙමෙයි. ඒ ජන­යාට අපේ රෝහ­ලේදී උදේ කෑම වේලක් ලබා දීමට කට­යුතු කරලා තියෙ­නවා. එහෙම කෑම වේලක් දෙන රෝහ­ලක් ලංකාවේ කොහේ­වත් නෑ. තියෙ­නවා නම් තියෙන්නේ කෑගල්ල කර­ඬු­පන ප්‍රාථ­මික වෛද්‍ය සත්කාර ඒක­කය පම­ණයි. ප්‍රජා දාය­ක­ත්වය යටතේ සංව­ර්ධ­නය කරපු හොඳම රෝහල ලෙස කර­ඬු­පන ප්‍රාථ­මික වෛද්‍ය සත්කාර ඒක­කය සම්මා­න­යට පාත්‍ර වුණා.”

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT