ප්‍රජා දායකත්වය යටතේ සිදු කළ රෝහල් සංවර්ධනය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ හොඳම රෝහල සඳහා වූ සම්මානය කෑගල්ල, කරඬුපන ප්‍රාථමික වෛද්‍ය සත්කාර ඒකකයට හිමි වූ බව ආයතන භාර වෛද්‍ය කෞශල්‍ය පලුගස්වැව මහතා පෙරේදා (9) පැවැසීය.
සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රාථමික සෞඛ්‍ය ප්‍රතිකාර පද්ධති සවිබල ගැන්වීමේ ව්‍යාපෘතිය ආරම්භ කර තිබූ අතර ප්‍රජා සහභාගීත්වය මඟින් ග්‍රාමීය රෝහල්

සම්මානය
සංවර්ධනය කිරීම මෙහි මූලික අරමුණ වී තිබිණි. වසරක කාලයකින් ව්‍යාපෘතිය අවසන් කිරීමෙන් පසුව කෑගල්ල, කරඬුපන ප්‍රාථමික වෛද්‍ය සත්කාර ඒකකයට එහි ප්‍රථම ස්ථානය හිමි වී ඇත. මෙම ජයග්‍රහණ සඳහා වන සම්මාන පිරිනැමීම සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පී.ජී මහීපාල මහතාගේ ප්‍රධානත්වයෙන් ඉකුත් දා කොළඹ වෛද්‍ය පීඨ ශ්‍රවණාගාරයේදී සිදු කෙරිණි. එහිදී විශේෂඥ වෛද්‍යවරුන් වන පාලිත අබේකෝන් සහ වින්යා ආරියරත්න මහත්මිය විසින් එම සම්මානය කෑගල්ල, කරඬුපන ප්‍රාථමික වෛද්‍ය සත්කාර ඒකකයේ ආයතන භාර වෛද්‍ය නිලධාරී වෛද්‍ය කෞශල්‍ය පලුගස්වැව මහතා වෙත ප්රදානය කරනු ලැබීය.
කරඬුපන ප්‍රාථමික වෛද්‍ය සත්කාර ඒකකයට ග්‍රාමසේවා වසම් 11ක 14,470ක් වන ජනයා වෙනුවෙන් අනිවාර්යයෙන් සෙත සැලසීමට සිදුව ඇති අතර ඊට අමතරව දියගම, මීපිටිය, කළුගල්ල, මංගලගම, කුඹල්දීවෙල, හිරිවඩුන්න හා දුණුකේවල යන ග්‍රාමසේවා වසම් හතෙහි පදිංචිව සිටින 14,335ක ජනයා ඇතුළු 28,000කට වැඩි පිරිසකට ද ප්‍රතිකාර ලබා දීම සිදු කෙරේ.
නව ආයතන භාර වෛද්‍ය නිලධාරී කෞශල්‍ය පලුගස්වැව මහතා සිය සම්මානය සම්බන්ධයෙන් මෙසේ කීවේය.
“2022 ඔක්තෝබර් 18 වැනි දින කරඬුපන ප්‍රාථමික වෛද්‍ය සත්කාර ඒකකයේ ආයතන භාර වෛද්‍ය නිලධාරිවරයා ලෙස මම වැඩ භාර ගත්තා. එදින රෝහල දැකලා මට ලොකු කම්පනයක් ඇති වුණා වසරක් වැනි කාලයකදී කොහොමද මේක දියුණු කරන්නේ කියලා. මම එනකොට ලෝක බැංකු ණය ආධාර යටතේ සෞඛ්‍ය අමාත්‍යාංශය මඟින් ප්‍රාථමික සෞඛ්‍ය සේවා පද්ධති සවිබල ගැන්වීමේ වැඩසටහනක් ක්‍රියාත්මකව තිබුණා. මම ආපු පළමු දවසේ ඒ ව්‍යාපෘතිය ගැන කියවලා බැලුවා. පසුව කාර්ය මණ්ඩලයත් සමඟ සාකච්ඡා කරලා වැටී ඇති තත්ත්වයෙන් ගොඩ ගැනීමට සැලැස්මක් හැදුවා.
මට ඉතාමත් හොඳ කාර්ය මණ්ඩලයක් ඉන්නවා.
ලංකාවේ පළමු තැන එයි කියලා හිතුවේ නෑ. රෝගියාට හොඳ සේවාවක් දීලා සතුටු කරලා යවන්න පමණයි අපට ඕනෑ කරලා තිබුණේ. ප්‍රතිකාර ගන්න එන රෝගියා උදේ ගෙදරින් එන්නේ කිසිම ආහාරයක් ගෙන නෙමෙයි. ඒ ජනයාට අපේ රෝහලේදී උදේ කෑම වේලක් ලබා දීමට කටයුතු කරලා තියෙනවා. එහෙම කෑම වේලක් දෙන රෝහලක් ලංකාවේ කොහේවත් නෑ. තියෙනවා නම් තියෙන්නේ කෑගල්ල කරඬුපන ප්‍රාථමික වෛද්‍ය සත්කාර ඒකකය පමණයි. ප්‍රජා දායකත්වය යටතේ සංවර්ධනය කරපු හොඳම රෝහල ලෙස කරඬුපන ප්‍රාථමික වෛද්‍ය සත්කාර ඒකකය සම්මානයට පාත්‍ර වුණා.”