සිය රාජකාරිය සඳහා ඊයේ (10) උදෑසන කන්තලේ බලා එමින් සිටි ජනපද නිලධාරියකු කිතුලුතුවේ දී සිය යතුරුපැදිය ලොරි රථයක ගැටීමෙන් සිද්ධිය වූ ස්ථානයේදීම මියගොස් ඇතැයි අග්බෝපුර පොලිසිය පැවැසීය.
ජීවිතක්ෂයට පත්ව ඇත්තේ මාතලේ ප්‍රදේශයේ පදිංචි කන්තලේ, අග්බෝපුර, ජනපද නිලධාරි ලෙස සේවය කරන ප්රියංගන ද සිල්වා (58) නමැති දෙදරු පියෙකි.
මාතලේ ප්‍රදේශයේ තම නිවෙසේ සිට යතුරුපැදියකින් රාජකන්තලේ බලා එමින් සිටියදී කිතුලුතුව ප්‍රදේශයේ නවතා තිබූ ලොරි රථයක ගැටී මෙම අනතුර සිදුවී ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් කන්තලේ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංග මහතාගේ අධීක්ෂණයෙන් අග්බෝපුර පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක හපුආරච්චි මහතා ඇතුළු නිලධාරීහු වැඩිදුර පරීක්ෂණ මෙහෙයවති.