Monday, April 21, 2025
Home » කෝටි 7 1/2ක ලොත­රැයි ජයග්‍රාහකයා පැහැ­ර­ගෙන පහ­ර­දුන්නා කියා දැමූ පැමි­ණිල්ල බොරු

කෝටි 7 1/2ක ලොත­රැයි ජයග්‍රාහකයා පැහැ­ර­ගෙන පහ­ර­දුන්නා කියා දැමූ පැමි­ණිල්ල බොරු

නඩු­වේදී සියල්ල එළි­යට

by Gayan Abeykoon
July 11, 2024 1:54 am 0 comment

ගම්පොළ සමූහ - සුරංග දිල්හාන්

සැක­කරු මුදා හරී   

පැමි­ණි­ලි­ක­රුට වැඩ වරදී

රුපි­යල් කෝටි හත­හ­මා­රක ලොත­රැයි දිනු­මක් ඇදු­ණැයි පැවැ­සෙන අකු­රණ ප්‍රදේ­ශයේ පුද්ග­ල­යකු පැහැ­ර­ගෙන දින දහ­යක් පුරා පහර දෙමින් ගම්පොළ රත්ම­ල්ක­ඩුව ප්‍රදේ­ශයේ නිවෙ­සක සිර­කර තබා­ගත් සිද්ධිය පැමි­ණි­ලි­කරු ගොතන ලද ව්‍යාජ පැමි­ණි­ල්ලක් බව ඒ සම්බ­න්ධ­යෙන් පැවැති නඩු විභා­ග­යේදී අනා­ව­ර­ණය වීමත් සමඟ ඊට අදාළ ප්‍රධාන සැක­කරු වන ගාමිණී කල්‍යා­ණ­රත්න ඇතුළු සිව්දෙනා නිද­හස් කර පැමි­ණි­ලි­ක­රුට චෝදනා ගොනු කරන ලෙස ගම්පොළ මහේ­ස්ත්‍රාත් කාංචනා කොඩි­තු­වක්කු මහ­ත්මිය පොලි­සි­යට නියෝග කළාය.

ලොත­රැයි ජය­ග්‍රා­හ­ය­කයා වූ අකු­රණ මල්වා­හින්න පදිංචි මොහො­මඩ් මොහි­දීන් මොහො­මඩ් ඉර්ෂාඩ් යන අය මෙම පැමි­ණිල්ල සිදු කර තිබුණි. ඒ අනුව ගම්පොළ පොලි­සියේ උසස් පොලිස් නිල­ධා­රීන් ඇතුළු කණ්ඩා­ය­මක් මෙම පුද්ග­ලයා ගම්පොළ රත්ම­ල්ක­ඩුව ප්‍රදේ­ශයේ නිවෙ­සක සිටි­යදී සොයා­ගෙන තිබූ අතර ඒ සමඟ පුද්ග­ල­යන් සිව් දෙන­කුද අත්අ­ඩං­ගු­වට ගෙන තිබුණි.

මෙම සැක­ක­රු­වන් මෙසේ ලොත­රැයි දිනුම් හිමි­යකු පැහැ­ර­ගෙන ගම්පොළ නිවෙ­සක රඳවා තබා ගැනීම ලංකාව පුරා එව­කට මහත් ආන්දෝ­ල­න­ය­කට හේතු වූ අතර සැක­ක­රු­වන් අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කළ පසු ඔවුන් රක්ෂිත බන්ධ­නා­ගා­ර­ගත කෙරිණ.

නමුත් මේ සම්බ­න්ධ­යෙන් පැවති නඩු විභා­ග­යේදී හෙළි වී ඇත්තේ මෙම පැමි­ණි­ලි­කාර ඉර්ෂාඩ් හා ප්‍රධාන චුදිත ගාමිණි යන අය අතර කලක පටන් ගනු­දෙනු සිදුවී ඇති බවයි. ලොත­රැයි දිනුම ඇදුණු පසු එම මුදල් ගැනී­මට පෙර රුපි­යල් කෝටි­යක් පමණ විය­දම් කිරී­මට අවශ්‍ය බව පවසා ගාමිණී යන අය­ගෙන් එම මුදල් ඉල්ලීම සමඟ ඔහු රත්ම­ල්ක­ඩුවේ පිහිටි ඔහුගේ නිවෙස, ඉඩම හා ලී මෝලක ඔප්පු උකස් තබා මෙම මුදල රැගෙන ඔහුට ලබා දී ඇති බවද මෙහිදී අනා­ව­ර­ණය වී ඇත.

පසුව මෙම මුදල ආපසු ගාමිණී යන අයට නොදී මෙවැනි චෝද­නා­වක් නඟා එම මුදල් ගනු­දෙ­නු­වෙන් මඟ­හැ­රී­මට මෙම කූට උප­ක්‍ර­මය මොහු යොදා­ගෙන ඇතැයි හෙළි වී තිබුණි. මෙම පුද්ග­ලයා දඹුල්ලේ සිට මෝටර් රථ­ය­කින් පැහැ­ර­ගෙන පැමිණි බව පවසා තිබු­ණත් පොලිස් පරී­ක්ෂ­ණ­ව­ලින් අනා­ව­ර­ණය වී ඇත්තේ මොහු එදින මෝටර් රථ­යක් ගෙන්වා­ගෙන අල­ව­තු­ගොඩ සිට එම මෝටර් රථ­යට නැඟ පිරිස සමඟ ගම්පො­ළට පැමිණ ඇති බවයි.

ඒ පිළි­බ­ඳව පරී­ක්ෂණ සිදු කළ කොට්ඨාස අප­රාධ විම­ර්ශන අංශ ස්ථානා­ධි­පති ප්‍රධාන පොලිස් පරී­ක්ෂක කුමුදු කුමාර මහතා මේ බව අධි­ක­ර­ණය වෙත දන්වනු ලැබීය.

එසේම මෙම පැමි­ණි­ලි­කරු විත්ති­කාර ගාමිණී යන අය­ගෙන් ලබා­ගත් මුදල වූ රුපි­යල් කෝටිය සම්බ­න්ධ­යෙන් තවත් නඩු­වක් ද පව­තින අතර එහිදී මොහු රුපි­යල් ලක්ෂ දහ­යක මුද­ලක් ගාමිණී යන අයට ගෙවා ජූලි 25 වැනි දින තවත් රුපි­යල් ලක්ෂ අසූ­වක් ගෙවන බව­ටද උසා­විය හමුවේ පොරොන්දු දී ඇත.

පැහැ­ර­ගැ­නීම සම්බ­න්ධ­යෙන් මහේ­ස්ත්‍රා­ත්ව­රිය මෙහිදී ඉතිරි සැක­ක­රු­වන් වූ මදු­සංක කළු­ප­හ­න­ආ­රච්චි, අනුර ආරි­ය­දාස, බුද්ධික පුෂ්ප කුමාර යන අයද නිද­හස් කරනු ලැබීය. මෙහිදී ඉර්ෂාඩ් වෙනු­වෙන් ආනන්ද ඇතු­ගල හා නන්දනී කාන්ති­ලතා යන නීති­ඥ­වරු හා ගාමිණී කල්‍යා­ණ­නන්ද වෙනු­වෙන් නීතිඥ
දේව­ප්‍රිය රණ­තුංග මහතා ද පෙනී සිටි­යේය.

 

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT