කුලියාපිටිය අස්සැද්දුම මූල මහා විහාරස්ථානයේ දායක සභාව සහ ප්‍රභූ සම්මාන මණ්ඩලයේ සංවිධායකත්වයෙන් පැවැත්වෙන ‘මවුපිය ගුණ සම්භාවනා’ උපහාර උත්සවය මේ මස 13 වැනිදා සවස 3.00ට කැකිරාව, ඉපලෝගම ජයිදු උත්සව ශාලාවේදී පැවැත්වේ.
කුලියාපිටිය අස්සැද්දුම ශ්‍රී ශාසනාලංකාර මූල මහා විහාරාධිපති, ශ්‍රී ලංකා රාමාඤ්ඤ මහා නිකායේ පර්යන්ති ලේඛකාධිකාරි පල්ලේගම රතනභාරතී නාහිමියන් ඇතුළු දූ දරුවන්ගේ ආදරණීය මවුපියන් වන කේ. එම්. ගුණරත්න මහතා සහ ඩී. එම්. රන්මැණිකා මහත්මිය වෙත දේශකීර්ති, ශාසනාභිමානි සංඝපීතෘ, පීතා දේශමාන්‍ය සහ මෙත්තා ජනී ජන ප්‍රසාදිනි, ශාසනා අග්‍රදායිකා ශාසන මාමක සංඝපීතෘ මාතා යන ගෞරව සම්මාන පිළිගැන්වීමට නියමිතය.
එදින එම දෙපළගේ ජීවන තොරතුරු ඇතුළත් “සියවසක අබියස මතකාවර්ජන” කෘතිය එළිදැක්වීම මවුපිය ගුණ සම්භාවනා පුණ්‍ය මහෝත්සවය මහා විහාරවංශික ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහානායක අග්ගමහා පණ්ඩිත මකුලෑවේ ශ්‍රී විමලාභිධාන මාහිමිපාණන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතය.