දිඹුලාගල සෙල් ලිපිය පිළිබඳ සම්පූර්ණ වාර්තාවක් මේ මාසය අවසන් වීමට ප්‍රථම ජනතාවට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය තුසිත මැන්දිස් මහතා පැවසීය. වැඩිදුරටත් ඔහු පැවසුවේ දිඹුලාගල සෙල් ලිපිය මේ වනවිට සෑහෙන ප්‍රමාණයක් කියවා තිබෙන බවයි. ලයිකන ඉවත් කළ පසු නැවත ලයිඩා සර්වේ එකකින් (ත්‍රිමාන රූපී) කියවීමට අවශ්‍ය බව විද්වත් මණ්ඩලය ප්‍රකාශ කර තිබෙන බව ද මහාචාර්යවරයා කීය.
එය ඉදිරි දින කිහිපයේ කරන බවද මහාචාර්යවරයා පැවසීය. මෙරටින් මෙතෙක් හමුවී ඇති විශාලම සෙල් ලිපිය දිඹුලාගල සෙල් ලිපියයි. මෙය පසුගිය වසරේ සොයා ගත් අතර එහි කොටසක් කියවීමෙන් අනතුරුව මූලික වාර්තාවක් පසුගියදා එළි දක්වනු ලැබීය.