Wednesday, April 23, 2025
Home » මහේ­ස්ත්‍රාත් අධි­ක­ර­ණයේ නඩු භාණ්ඩ 5ක් අදාළ කර ගැනී­මට අව­සර
සමාජ මාධ්‍ය වීඩි­යෝ­ව­කින් මහා­ධි­ක­ර­ණ­යට අප­හාස කිරීමේ නඩුව:

මහේ­ස්ත්‍රාත් අධි­ක­ර­ණයේ නඩු භාණ්ඩ 5ක් අදාළ කර ගැනී­මට අව­සර

by Gayan Abeykoon
July 11, 2024 1:00 am 0 comment

සුභා­ෂිණී සේනා­නා­යක

මහා­ධි­ක­ර­ණ­යට සහ විනි­සු­රු­ව­රුන්ට සමාජ මාධ්‍ය ඔස්සේ වීඩි­යෝ­වක් මුදා හරි­මින් අප­හාස කිරීමේ  නඩු­වට කොළඹ අංක 3 අධි­ක­ර­ණයේ ඇති නඩු භාණ්ඩ 5ක්  අදාළ කර ගැනී­මට අප­රාධ පරී­ක්ෂණ  දෙපා­ර්ත­මේ­න්තුව කොටුව මහේ­ස්ත්‍රාත් කෝසල සේනා­ධීර මහ­තා­ගෙන්  කළ ඉල්ලී­මට ඊයේ (10) අව­සර ලැබිණි.

එම අධි­ක­ර­ණයේ මහේ­ස්ත්‍රා­ත්ව­ර­යාගේ අනු­මැ­තිය ඇතිව එම භාණ්ඩ නිකුත් කරන ලෙස මහේ­ස්ත්‍රා­ත්ව­රයා අංක3 අධි­ක­රණ රෙජි­ස්ට්‍රා­ර්ව­ර­යාට නියම කළේය.

මහේ­ස්ත්‍රා­ත්ව­රයා මෙම නියෝ­ගය සිදු කරනු ලැබුවේ අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුවේ පරි­ග­ණක අප­රාධ කොට්ඨා­සය මෝස­මක් ගොනු කර­මින් අධි­ක­ර­ණ­යෙන් කළ ඉල්ලී­මක් සලකා බැලී­මෙන් අන­තු­රු­වය.

මහ­නු­වර කුණ්ඩ­සාලේ පදිංචි සැක­කරු ආනන්ද ලාල් ධර්ම­පාල නමැත්තා අජිත් ධර්ම­පාල ලෙස විදේ­ශ­ග­තව සිටින අතර ඔහුද මේ නඩුවේ සැක­ක­රු­වකු ලෙස නම් කර ඇති අතර  අනූ­පම එරං­ජිත් යන අයකු ඇප මත මුදා හැර ඇත.

අධි­ක­රණ භාරයේ තිබූ හෙරො­යින් තොග­යක් අස්ථා­න­ගත වීම සම්බ­න්ධ­යෙන් මහා­ධි­ක­රණ විනි­සුරු දමිත් තොට­වත්ත මහතා කෙසෙ­ල්වත්ත පොලි­සි­යට සිදු කළ පැමි­ණි­ල්ලක් ප්‍රකා­රව විම­ර්ශ­න­යක් සිදු කරන බව ද දන්වා සිටි පොලි­සිය මහා­ධි­ක­රණ විනි­සු­රු­ව­රයා විසින් පොලි­ස්ප­ති­ව­ර­යාට ලිඛි­තව සිදු කළ පැමි­ණි­ල්ලක් ප්‍රකා­ර­වද පරි­ග­ණක අප­රාධ අංශය විසින් විම­ර්ශ­න­යක් සිදු කරන බව ද අධි­ක­ර­ණ­යට දන්වා සිටි­යේය.

එම වීඩි­යෝව අනූ­පම එරං­ජිත් යන අය විසින්  මෙරට Lanka Truth වෙබ් අඩ­වියේ සහ Cyber News.lk මෙන්ම SL දේශය වෙබ්  අඩ­වි­යේද විකා­ශය කර ඇති බව විම­ර්ශන අනා­ව­ර­ණය කර ඇති බව අධි­ක­ර­ණ­යට දන්වා සිටි පොලි­සිය ඒ සම්බ­න්ධ­යෙන් ෆේස්බුක් සමා­ගමේ Meta Flatfoam මඟින් තොර­තුරු ලබා ගෙන වැඩි­දුර විම­ර්ශන සිදු කරයි.

සිද්ධිය සම්බ­න්ධ­යෙන් නඩුව ලබන සැප්තැ­ම්බර් මස 11 වැනි දින නැවත කැඳ­වයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT