Home » චීන ඉස්ලාම් බැති­ම­තුන් දහ­සක් හජ් වන්ද­න­යට මක්කම ගිහින්

චීන ඉස්ලාම් බැති­ම­තුන් දහ­සක් හජ් වන්ද­න­යට මක්කම ගිහින්

by Gayan Abeykoon
July 11, 2024 1:00 am 0 comment

මේ වසරේ හජ් වන්ද­නය සඳහා සවුදි අරා­බියේ මක්කම බලා ගිය චීන ඉස්ලාම් බැති­ම­තුන්ගේ සංඛ්‍යාව දහස ඉක්මවා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. පසු­ගිය ජූනි මස මුල් භාග­යේදී වාර්තා වූ ආකා­ර­යට චීනයේ ගැන්සු ප්‍රාන්ත­යෙන් ඉස්ලාම් බැති­ම­තුන් 769ක් ද, යූනාන් ප්‍රාන්ත­යෙන් බැති­ම­තුන් 284 ක්ද මක්කම බලා යෑමට චීන රජයේ ලියා­ප­දිංචි වූ බව විදෙස් මාධ්‍ය වැඩි­දු­ර­ටත් වාර්තා කළේය. කෙසේ වුවද මත­භේ­ද­යට ලක්වී ඇති ෂිංජි­යැන් ප්‍රාන්තයේ උයි­ගර් මුස්ලිම් බැති­ම­තුන් එම ලැයි­ස්තු­වට ඇතු­ළත් නොවූ බව චීනයේ ඉස්ලා­මීය සංග­මය ප්‍රකාශ කර ඇතැයි ද වාර්තා වේ. පසු­ගිය වස­රේ­දීද චීනයේ නිංෂීයා ප්‍රාන්තයේ ඉස්ලාම් බැති­ම­තුන් 386 දෙන­කුට හජ් වන්ද­නය සඳහා රජ­යෙන් අව­ස්ථාව ලබා දී තිබූ  බවත්, එවර ද උයි­ගර් මුස්ලිම් ජාති­ක­යන්ට ඒ සඳහා අව­ස්ථාව නොලැ­බුණු බවත් චීන ඉස්ලාම් සංග­මය වැඩි­දු­ර­ටත් සඳ­හන් කර ඇතැයි වාර්තා වේ.

පසු­ගිය ජූනි මස 14 වැනිදා සිට 19 දින දක්වා මක්කම නුවර පැවැති හජ් වන්ද­න­යට මිලි­යන 1.8ක බැති­ම­තුන් පිරි­සක් එක්වී ඇති අතර, ඉන් මිලි­යන 1.6ක්ම විදේ­ශි­ක­යන් බව සවුදි අරාබි රජයේ නිල­ධා­රීන් ප්‍රකාශ කර තිබිණි.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT