Wednesday, April 23, 2025
Home » වනාතවිල්ලුව දහන උඳුන අද යළිත් වතාවක් පණගන්වයි

වනාතවිල්ලුව දහන උඳුන අද යළිත් වතාවක් පණගන්වයි

by chanaka
July 11, 2024 4:53 pm 0 comment

ශ්‍රී ලංකා පොලිසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය මෙන්ම සයුරේදී නාවික හමුදාව විසින් සිදුකරන මත්ද්‍රව්‍ය වැටලීම් මගින් අත්අඩංගුවට ගන්නා ලද මත්ද්‍රව්‍ය තොග,නඩු කටයුතු සඳහා ඉදිරිපත් කිරීමෙන් අනතුරුව විනාශ කිරීම සඳහා ශ්‍රී ලංකා පොලිසිය පුත්තලම වනාතවිල්ලුව ප්‍රදේශයේ ඉදිකළ දහන උඳුනේ අද(11)යලිත් වතාවක් පණගැන්වින.

විනාශ කෙරුණු මත්ද්‍රව්‍ය ප්‍රමාණය ‍කොකේන් කිලෝග්‍රෑම් 355 ග්‍රෑම් 881 කි.

මෙම ප්‍රමාණයේ දළ වටිනාකම රුපියල් මිලියන 7829 කට ආසන්නය.

මත්ද්‍රව්‍ය තොගය අද උදෑසන කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයෙන් මත්ද්‍රව්‍ය කාර්යංශයේ නිලධාරීන් විසින් භාරගෙන විශේෂ කාර්යය බලකායේ ආරක්ෂාව යටතේ උඳුන පිහිටි වනාතවිල්ලුව පොලිස් වසමේ ලැක්ටෝස් වත්ත ප්‍රදේශයට ප්‍රවාහනය කර කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතාගේ අධීක්ෂණය යටතේ අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ නියෝජිතයින්, රජයේ රස පරීක්ෂක හා මත්ද්‍රව්‍ය නිවාරණ කාර්යංශ නිලධාරීන් ඉදිරිපිට පූර්ණ විනිවිදභාවයකින් යුතුව විනාශ කෙරිණ.

මෙම අවස්ථාවට මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා සහ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා එක්විය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT