Wednesday, April 23, 2025
Home » රටේ මූලික නීති­යට පට­හැ­නිව ක්‍රියා කළ දුම්රිය ස්ථානා­ධි­ප­ති­ව­රුන්ට වැඩ වරදී

රටේ මූලික නීති­යට පට­හැ­නිව ක්‍රියා කළ දුම්රිය ස්ථානා­ධි­ප­ති­ව­රුන්ට වැඩ වරදී

by Gayan Abeykoon
July 11, 2024 1:00 am 0 comment

සුභා­ෂිණී සේනා­නා­යක

වැඩට නාව SMලාට සේවය අත­හැර ගියා සේ සලකා ලිපි යව­නවා

අව­සාන නිවේ­ද­නය නිකුත් කර­මින් දුම්රිය සාමා­න්‍යා­ධි­කාරි කියයි

රටේ ආණ්ඩු­ක්‍රම ව්‍යව­ස්ථාව අනුව ජනා­ධි­ප­ති­ව­ර­යාට පැවැ­රෙන බල­තල යටතේ පොදු­ජන යහ­පත වෙනු­වෙන් ප්‍රවා­හන සේවා, අත්‍ය­වශ්‍ය සේවා­වක් බවට පත්කර තිබි­යදී නීති­යට අභි­යෝග කර­මින් වැඩ වර්ජ­නය කළ දුම්රිය ස්ථානා­ධි­ප­ති­වරු සේව­යට වාර්තා නොක­ළ­හොත් ඔවුන් සේවය අත­හැර ගියා සේ සල­ක­මින් ලිපි යවන බව දුම්රිය සාමා­න්‍යා­ධි­කාරී එස්.එස්. මුද­ලිගේ මහතා සඳ­හන් කරයි.

එබැ­වින් තමන් සේවය කරන දුම්රිය ස්ථාන­යට හෝ ආස­න්න­තම දුම්රිය ස්ථාන­යට සියලු දුම්රිය ස්ථානා­ධි­ප­ති­ව­රුන් සහ දුම්රිය පාල­ක­ව­රුන් වහාම වාර්තා කළ යුතු බව දුම්රිය සාමා­න්‍යා­ධි­කාරී එස්.එස්. මුද­ලිගේ මහතා දන්වා සිටී.

එම නියෝ­ගය පිළි­ප­දින්නේ නැති සියලු දුම්රිය ස්ථානා­ධි­ප­ති­ව­රුන් සහ දුම්රිය පාල­ක­ව­රුන් සේවය හැර ගියා සේ සල­කන බව ද සියලු දුම්රිය ස්ථානා­ධි­ප­ති­ව­රුන් සහ දුම්රිය පාල­ක­ව­රුන් වෙත අව­සාන නිවේ­ද­න­යක් නිකුත් කර­මින් මුද­ලිගේ මහතා දැනුම් දෙයි. ශ්‍රී ලංකා දුම්රිය සේවයේ වර්ජ­නයේ නිරත සියලු දුම්රිය ස්ථානා­ධි­ප­ති­ව­රුන්ට සහ දුම්රිය පාල­ක­ව­රුන්ට අව­සන් නිවේ­ද­නය නිකුත් කිරී­මට දුම්රිය සාමා­න්‍යා­ධි­කා­රි­ව­රයා මේ අනුව කට­යුතු කර ඇති අතර ඊයේ (10) දහ­වල් 12ට අදාළ දුම්රිය ස්ථාන­යට හෝ ආස­න්න­තම දුම්රිය ස්ථාන­යට දුම්රිය ස්ථානා­ධි­ප­ති­වරු සහ දුම්රිය පාල­ක­ව­රුන් සේව­යට වාර්තා කළ යුතු බව එම නිවේ­ද­නයේ දැක්වෙයි.

එසේ නොක­රන වර්ජ­නයේ නිරත දුම්රිය ස්ථානා­ධි­ප­ති­වරු සහ දුම්රිය පාල­ක­ව­රුන් සේවය හැර ගියා සේ සල­කන බව වැඩ­බ­ලන දුම්රිය සාමා­න්‍යා­ධි­කාරි එස්.එස්. මුද­ලිගේ මහතා සඳ­හන් කරයි.

ශ්‍රී ලංකා දුම්රිය සේවය අත්‍ය­වශ්‍ය සේවා­වක් කර තිබි­යදී මෙම වර්ජ­නය ක්‍රියා­ත්මක කර ඇති බව ද ඔහු එම නිවේ­ද­නය නිකුත් කර­මින් පෙන්වා දී තිබේ.

උස­ස්වීම් ලබා නොදීම ඇතුළු ඉල්ලීම් කිහි­ප­යක් මුල් කර ගනි­මින් පෙරේදා (09) මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය ස්ථානා­ධි­ප­ති­ව­රුන් ආරම්භ කළ වැඩ­ව­ර්ජ­නය හේතු­වෙන් කාර්යාල දුම්රිය රැසක් අව­ලංගු වූ අතර කොටුවේ සිට මීග­මු­වට සහ වේය­න්ගො­ඩට දුම්රිය දෙක බැගින් ධාව­නය කිරී­මට පිය­වර ගෙන ඇති අතර පොල්ග­හ­වෙල සිට කොටු­වට දුම්රිය දෙකක් ද ගාල්ල සිට කොටු­වට දුම්රිය තුනක් ද අලු­ත්ගම සිට එක් දුම්රි­යක් ද කොළඹ කොටුව දක්වා ධාව­නය කිරී­මට පිය­වර ගෙන ඇති බව එම දෙපා­ර්ත­මේ­න්තුව සඳ­හන් කරයි.

වර්ජන ක්‍රියා­මා­ර්ගය හේතු­වෙන් ඊයේ (10) දින­යේදී දුම්රිය වාර ප්‍රවේ­ශ­පත්‍ර හිමි මගීන්ට එම වාර ප්‍රවේ­ශ­ප­ත්‍රය උප­යෝගි කර ගනි­මින් ලංකා ගම­නා­ග­මන මණ්ඩ­ල­යට අයත් බස් රථ­ව­ලින් ප්‍රවා­හන පහ­සු­කම් සලසා ගැනී­මට හැකි බව ප්‍රවා­හන අමා­ත්‍යාං­ශය දැනුම් දී තිබිණි.

මෙම වෘත්තීය ක්‍රියා­මා­ර්ගය හේතු­වෙන් ජන­තාව දැඩි අසී­රු­තා­වට පත්ව සිටී.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT