Wednesday, April 23, 2025
Home » බිරිය හා දරු දෙදෙනා අතුරුදන් බවට සැමියාගෙන් පැමිණිල්ලක්

බිරිය හා දරු දෙදෙනා අතුරුදන් බවට සැමියාගෙන් පැමිණිල්ලක්

by sachintha
July 9, 2024 1:10 am 0 comment

වවුනියාව, කෝවිල්කුලම ප්‍රදේශයේ තරුණ බිරියක් දරුවන් දෙදෙනා සමඟ අතුරුදන්ව ඇති බවට කාන්තාවගේ ස්වාමිපුරුෂයා වවුනියාව පොලිසියට ඉකුත් 7 වැනිදා පැමිණිලි කර තිබේ.

මෙසේ අතුරුදන් වී ඇත්තේ 32 හැවිරිදි ඒ. අභිරාමි, 11 හැවිරිදි කම්සන සහ 08 හැවිරිදි සාංචිගන් යන තුන් දෙනා බව වවුනියාව පොලිසිය ප්‍රකාශ කරයි. සිද්ධිය වූ දින දරුවන් දෙදෙනා පාසල් නොගිය බවත් තමන් රැකියාවට ගොස් ආපසු නි‍ෙවසට පමිණෙන විට නි‍ෙවසේ කිසිවෙකුත් නොසිටි බවත් ස්වාමිපුරුෂයා පොලිසියට ප්‍රකාශ කොට තිබේ. පසු දිනයේත් සිය බිරිය හා දරුවන් නොපැමිණි බව කියන ස්වාමිපුරුෂයා ඔවුන් යතයි සිතිය හැකි සියලුම නිවෙස්වලට දුරකතන ඇමතුම් ලබා දුන් නමුත් බිරිය හා දරුවන් ඒ කිසිදු ස්ථානයකට ගොස් නොමැති බව ස්වාමියා කළ පැමිණිල්ලේ වැඩිදුරටත් සඳහන් කොට තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන වවුනියාව පොලිසිය මේ තුන් දෙනා පිළිබඳව යම් ආරංචියක් වෙතොත් ළඟම පිහිටි පොලිසියට දැනුම් දෙන ලෙසද ඉල්ලීමක් කොට ඇත.

උතුරු පළාත් විශේෂ රසුල දිල්හාර ගමගේ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT