Home » ගොවියා ණය උගුලෙන් බේරාගන්නා සැලැස්මක් ජාජබය සතුයි

ගොවියා ණය උගුලෙන් බේරාගන්නා සැලැස්මක් ජාජබය සතුයි

-නායක අනුර කුමාර දිසානායක

by sachintha
July 8, 2024 1:57 am 0 comment

ගොවියා ණය උගුලෙන් බේරාගන්නා සැලැස්මක් ජාතික ජන බලවේගය සතු බව එහි නායක අනුර කුමාර දිසානායක මහතා පැවැසීය.

ඔහු එසේ ප්‍රකාශ කළේ, පසුගියදා (05) ජාතික ජන බලවේගයේ නිකවැරටිය ගොවිජන රැලියට සහභාගි වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජාතික ජන බලවේගයේ නායකයා –

කුරුණෑගල දිස්ත්‍රික්කයේ නිකවැරටියේ හේන් වගා කරන, කුඹුරු වගා කරන දහස් සංඛ්‍යාත ගොවි ජනතාවක් පළමු වතාවට මෙතැනට ඇවිත් ඉන්නවා. අපි මේ සිටින්නේ ජනාධිපති මැතිවරණයක අබියස. මැතිවරණ කොමිසමට එළැඹෙන 17දා බලය පැවරෙනවා ජනාධිපතිවරණයට නාම යෝජනා බාර දෙන දිනය කියන්නත්, ඡන්දය පවත්වන දිනය කියන්නත්. තව තියෙන්නේ මාස දෙකයි එක සතියයි. මේ රටේ ජනතාවට අලුත් පාලනයක් ගොඩනඟා ගැනීමට හොඳ අවස්ථාවක් ඇවිත් තිබෙනවා.

මේ රටේ වෙනසක් කරනවා නම්, එය කළ හැක්කේ ජාතික ජන බලවේගයේ පාලනයකට පමණයි. මොනවාද කළ යුතු වෙනස්කම්. දේශපාලන වෙනස්කම් ඇති කරන්න ඕනෑ.

මේ රට හදන්න ඕනෑ. දේශපාලකයන්ගේ රථ ගාය නතර කරනවා. මහජනයාගේ ධනය නාස්ති කරන්න, මහා පොලිස් බළකායක් එක්ක එන දේශපාලන සංස්කෘතිය වෙනස් කරනවා.

ජාතික ජන බලවේගයේ ආණ්ඩුවත් ජනතාවට අවශ්‍ය වන ආහාර නිෂ්පාදනයට මූලිකත්වය දෙනවා. කෘෂි ආහාර නිෂ්පාදනය, මත්ස්‍ය නිෂ්පාදනය, මස්, කිරි නිෂ්පාදනය ඒ ඒ ක්ෂේත්‍ර මඟින් නිෂ්පාදනය කිරීමට සැලසුම් සකස් කොට තිබෙනවා.”

“වසරකට අවශ්‍ය රුපියල් ප්‍රමාණය, රටට අවශ්‍ය වන ඩොලර් ප්‍රමාණය උපයාගන්න අපේ භාණ්ඩාගාරයට හැකියාවක් නැහැ. මේ සඳහා අපට ආර්ථික උපාය මාර්ගයක් අවශ්‍යයි. එළියේ ආර්ථිකය ප්‍රසාරණය කිරීමෙන් තමයි මේක කරන්න පුළුවන්. එසේ නම් එළියේ ආර්ථික වර්ධනය කරන්නේ කොහොමද කියලා තමයි අප සැලසුම් කළ යුතු වන්නේ. අපේ ඔළුවේ ඇති වන මනඃකල්පිත අදහස්වලින් එළියේ ආර්ථිකය වර්ධනය කරන්න බැහැ. එය කරන්න පුළුවන් විභවතා ඇති තැන් අප සොයාගන්න ඕනෑ. පශු සම්පත් ක්ෂේත්‍රය එළියේ ආර්ථිකය වර්ධන කරන්න පුළුවන් තැනක්. අපට ඒ යටතේ මොනවද තිබෙන්නේ? මස් නිෂ්පාදනය අපනයනය කරන්න පුළුවන් බව ගොවීන් කිවුවා. හඳුනාගත් රටවල් තිබෙන බවත් කිව්වා. එහෙම යවනවානම් අඛණ්ඩතාව, ගුණාත්මකභාවය, තරගකාරි මිල අපට අවශ්‍යයි. එහෙම නැතිව යවන්න බැහැ. අපේ රටේ ආර්ථිකයේ වැදගත් මෙවලකමක් ලෙස අප පශු සම්පත් ක්ෂේත්‍රය සලකනවා.”

උපාලි කරුණාරත්න

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT