ආර්.ටී අමරසේන මහතා විසින් රචනා කරන ලද ‘මාරුතය නිමා විය’ ග්‍රන්ථය පසුගියදා ආශීර්වාද ප්රකාශනයක් ලෙසින් එළිදැක්විණි.
එයට පෙරවදනක් ලියමින් ආර්.ටී අමරසේන මහතා ප්‍රකාශ කරණුයේ, ‘දොළ දෑල කළුවරයි’ ප්‍රබන්ධ කතාවෙන් තමා දිරිගැන්වූ පාඨක සැමට ‘මාරුතය නිමා විය’ එළිදක්වන්නේ සතුටින් බවය. මීට දශක තුනක සිට වර්තමානය දක්වා නාගරික මධ්‍යම පන්තියට මුහුණපෑමට සිදුවූ සහ සිදුවන ගැටලු මෙමඟින් සාකච්ඡාවට භාජන වී ඇතැයි තමා විශ්වාස කරන බවත් ඒ පිළිබඳ විනිශ්චය පාඨකයා වෙත භාර කරන බවත් ඔහු සඳහන් කරයි. ‘දොළ දෑල කළුවරයි’ ප්‍රබන්ධ කතාවේ දෙවන හා තුන්වන පරම්පරාවල ඇතැම් චරිත ඇතුළත් කළේ මෙම ප්‍රබන්ධ කතාව වර්තමානය දක්වා දිගු කිරීමට බව ඔහු අවධාරණය කරන අතර ‘මාරුතය නිමා විය’, ‘දොළ දෑල කළුවරයි’ ප්‍රබන්ධ කතාවේ දිගුවක් නොවන බව ද සඳහන් කරයි.