Monday, April 21, 2025
Home » විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන්ට වැඩි අවධානයක් දීම කාලීන අවශ්‍යතාවක්

විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන්ට වැඩි අවධානයක් දීම කාලීන අවශ්‍යතාවක්

-යුනයිටඩ් යූත් සංවිධානයේ සභාපති

by sachintha
July 8, 2024 1:52 am 0 comment

විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන් සඳහා වැඩි අවධානයක් යොමු කිරීම කාලීන අවශ්‍යතාවක් බව යුනයිටඩ් යූත් සංවිධානයේ සභාපති සුදත් චන්ද්‍රසේකර මහතා පැවසීය.

සභාපතිවරයා එසේ ප්‍රකාශ කළේ පසුගියදා විශේෂ අවශ්‍යතා සහිත ළමයින් සඳහා පාසල් උපකරණය‌ බෙදා දීමේ අවස්ථාවකට සහභාගි වෙමිනි. මෙය මොරටුව සොයිසා මහා විද්‍යාලයේදී පැවැත්විණි. යුනයිටඩ් යූත් සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් අර්ජුන කමලනාත් සහ මොරටුව හිටපු නාගරික මන්ත්‍රී අරුණසිරි මහත්වරුන් විසින් මෙය සංවිධානය කර තිබිණි.

මෙහිදී අදහස් දැක්වූ යුනයිටඩ් යූත් සංවිධානයේ සභාපති සුදත් චන්ද්‍රසේකර මහතා,

“විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන් සඳහා විශේෂ අවධානයක් යොමු කිරීම කාලීන අවශතාවක්. ඔවුන් සම්බන්ධයෙන් තිබෙන නීතිරීති සහ අණ පනත් වර්තමානයට ගැළපෙන ආකාරයට සකස් කළ යුතුයි. එවැනි දරුවකු සිටින පවුල්වල සාමාජිකයන්ගේ මානසික තත්ත්වය සමාජයක් ලෙසට අප තේරුම්ගත යුතුයි. එම පවුලම දැඩි මානසික පීඩනයකින් සිටින්නෙ. සෑම රජයක්ම සිය වැඩපිළිවෙළට සහ අය-වැය ලේඛනය මඟින් ප්‍රතිපාදන ලබා දීමේදී විශේෂ අවශ්‍යතා සහිත ජනතාව වෙනුවෙන් කටයුතු කිරීම ජාතික මෙහෙවරක් මෙන්ම මහා පුණ්‍යකර්මයක් බව මා ප්‍රකාශ කරනවා. යුනයිටඩ් යූත් විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන්ගේ එකමුතුවේ අධ්‍යක්ෂ ජනරාල් ප්‍රවීනා සේරම් මහත්මිය ඇතුඵ කණ්ඩායම විසින් මේ සම්බන්ධව සකස් කර ඇති කෙටුම්පත් වාර්තාව ඉදිරියේදී ජනාධිපතිවරයාට ලබා දෙනවා. ”

මෙම අවස්ථාවට කලාකරුවෝ පිරිසක්ද සහභාගි වී සිටියහ.

උපාලි කරුණාරත්න

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT