Home » ඉදිරි දින කිහිපය අවධානම් – කාලගුණයෙන් අනතුරු ඇඟවීම්

ඉදිරි දින කිහිපය අවධානම් – කාලගුණයෙන් අනතුරු ඇඟවීම්

by chanaka
July 6, 2024 7:29 pm 0 comment

weather

දිවයිනේ නිරිත දිග කොටසේ පවතින වැසි තත්වය ඉදිරි දින කිහිපයේදී ත් තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනූව බස්නාහිර, සබරගමුව, වයඹ හා ඌව පළාත් වලටත්, මහනුවර, නුවරඑළිය, ගාල්ල, මාතර, අම්පාර හා මඩකලපුව දිස්ත්‍රික්ක වලටත් විටින් විට වැසි ඇති විය හැකිය.

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශ වලටත්, උතුර, උතුරු මැද සහ වයඹ පළාත් වලටත්, ත්‍රිකුණාමලය, හම්බන්තොට, මොනරාගල දිස්ත්‍රික්ක වලටත් විටින් විට පැයට කිලෝමීටර 50 දක්වා තද සුළං ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එමෙන්ම ත්‍රිකුණාමලය සිට කන්කසන්තුරය සහ මන්නාරම හරහා පුත්තලම දක්වා සහ හම්බන්තොට සිට පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ වල සුළඟේ වේගය පැයට කිලෝමීටර 55 දක්වා ඉහළ යා හැකි බව සඳහන්වේ.

එම මුහුදු ප්‍රදේශ වල තද වැසි ද ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT