Home » මැති­ව­ර­ණය නිය­මිත දිනට තබ­න්න මැති­ව­රණ කොම­සා­රිස්ට දැනුම් දුන්නා

මැති­ව­ර­ණය නිය­මිත දිනට තබ­න්න මැති­ව­රණ කොම­සා­රිස්ට දැනුම් දුන්නා

රාමඤ්ඤ මහා නිකායේ මහ­නා­හිමි­ හමුවේ ජන­පති කියයි

by damith
July 6, 2024 1:06 am 0 comment

චමීර ඇල්ල­දෙ­ණිය

නිය­මිත දිනට මැති­ව­ර­ණය පැවැ­ත්විය යුතු බවත් ඒ සඳහා මැති­ව­රණ කොම­සා­රි­ස්ව­රයා සමඟ සාක­ච්ඡාවේ දී කරුණු පහදා දුන් බවත් ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහ­නා­යක අති­පූජ්‍ය මකු­ලෑවේ විමල නාහි­මි­යන් හමුවේ ජනා­ධි­පති රනිල් වික්‍ර­ම­සිංහ මහතා ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහ­නා­යක අති­පූජ්‍ය මකු­ලෑවේ විමල හිමි­යන් වැඩ සිටින නාරා­හේ­න්පිට, ඇල්වි­ටි­ගල මාවතේ පිහිටි ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ සංඝ මූල­ස්ථා­නය වෙත ඊයේ (05) පස්ව­රුවේ පැමිණි ජනා­ධි­ප­ති­ව­රයා මහ­නා­යක හිමි­යන් බැහැ­දැක සුව දුක් විමසා කෙටි පිළි­ස­ඳ­රක නිරත විය.

මෙහිදී සෙත් පිරිත් සජ්ඣා­යනා කර ජනා­ධි­පති රනිල් වික්‍ර­ම­සිංහ මහතා වෙත ආශි­ර්වාද පළ කළ මහ­නා­යක හිමි­පා­ණන් වහන්සේ ජනා­ධි­ප­ති­ව­රයා වෙත සමරු තිළි­ණ­යක් ද පිළි­ගැ­න්වීය.

මෙහිදී ජනා­ධි­පති රනිල් වික්‍ර­ම­සිංහ මහතා වැඩි­දු­ර­ටත් මෙසේද පැව­සීය.

ණය ප්‍රති­ව්‍යු­හ­ග­ත­ක­ර­ණ­යට අදා­ළව අප මේ වන­විට පෞද්ග­ලික ණය හිමි­යන් සහ වාණිජ ණය හිමි­යන් සමඟ සාකච්ඡා කර අව­සන්. අපට ගෙවී­මට තිබූ ණය ප්‍රමා­ණ­යෙන් ඩොලර් බිලි­යන 8ක් පමණ අඩු­කර ගැනී­මට හැකි­වීමේ සුබ ආරං­චිය ඔබ වහ­න්සේට දැනුම් දෙන්න කැම­තියි. ඒ වගේම ණය ගෙවීම සඳහා වසර 4ක සහන කාල­යක් ලබා ගැනී­ම­ටත් සම්පූර්ණ ණය ගෙවීම සඳහා 2043 දක්වා කාලය ලබා ගැනී­ම­ටත් අපට හැකි වුණා.

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අනු­නා­යක වලේ­ගොඩ ගුණ­සිරි, අත්තං­ගනේ ශාස­න­ර­තන, වෑතර මහින්ද, මකු­ලෑවේ ධම්ම­ර­තන, අක­රැල්ලේ ගුණ­වංශ හිමි­ව­රුන් ප්‍රමුඛ මහා සංඝ­ර­ත්නය ද, ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ ආර­ක්ෂක සභාවේ මහ ලේකම් රාජ්‍ය ඇමැති ලසන්ත අල­ගි­ය­වන්න, හිටපු ඇමැති දයා ගමගේ, නිකායේ ආර­ක්ෂක සභාවේ ධම්මික සම­ර­වි­ක්‍රම මහ­ත්ව­රුන් ඇතුළු පිරි­සක් මේ අව­ස්ථා­වට එක්වූහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT