බංග්ලාදේශයේ සන්නද්ධ හමුදාව නවීකරණය කිරීමේ සැලසුම්වලට අනුකූලව ආරක්ෂක හා කාර්මික සහයෝගය ලබා දීමට ඉන්දියාව ඉදිරිපත් වී ඇතැයි බංග්ලාදේශ මාධ්‍ය වාර්තා කළේය. මේ සඳහා ගිවිසුම් අත්සන් කිරීම පසුගියදා ඉන්දීය නාවික හමුදාවේ මාණ්ඩලික ප්‍රධානි අද්මිරාල් දිනේෂ් කේ. ත්‍රිපතිගේ බංග්ලාදේශ සංචාරයේදී සිදු කර ඇතැයි ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය. ආසියාතික කලාපය තුළ සාමය, ස්ථාවරත්වය සහ සහජීවනය සහතික කිරීම සඳහා දෙරට අතර එම කාර්ය භාරය අතිශය වැදගත් වනු ඇතැයි ද, බංග්ලාදේශ සන්නද්ධ හමුදාව ශක්තිමත් කිරීමට එය ඉවහල් වනු ඇතැයි ද බංග්ලාදේශයේ ඩකා නුවර ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය නිවේදනය කළ බව විදෙස් මාධ්‍ය සඳහන් කළේය. එමෙන්ම එම ගිවිසුම ඉන්දියාවෙන් බංග්ලාදේශයට ලබා දෙන ආරක්ෂක ණය රේඛාවේ නව සංධිස්ථානයක් වනු ඇතැයි ද ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයේ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ඉන්දීය නාවික හමුදාවේ මාණ්ඩලික ප්‍රධානි අද්මිරාල් දිනේෂ් ත්‍රිපති බංග්ලාදේශයේ සංචාරයක නිරතව ඇත්තේ ද්විපාර්ශ්වික ආරක්ෂක සබඳතා ශක්තිමත් කිරීම සහ නාවික සහයෝගිතාව සඳහා නව මාර්ග ගවේෂණය අරමුණු කරමින් බවත්, එය ජූලි 1 වැනිදා සිට 4 වැනිදා දක්වා පැවැති සිව්දින නිල සංචාරයක් වූ බවත් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.
222
මීලඟ පුවත