Home » පොලි­සියේ පහ­ර­දී­මෙන් සැක­ක­රු­වන් මිය­යෑ­මෙන් ජාතික විරෝ­ධ­තා­වක් පාකි­ස්තා­න­යට අත වනයි

පොලි­සියේ පහ­ර­දී­මෙන් සැක­ක­රු­වන් මිය­යෑ­මෙන් ජාතික විරෝ­ධ­තා­වක් පාකි­ස්තා­න­යට අත වනයි

by damith
July 6, 2024 1:04 am 0 comment

පොලිස් අත්අ­ඩං­ගුවේ සිටි­යදී සැක­ක­රු­වන් මිය­යෑම සහ විවිධ වධ හිංසා­ව­ලට ලක්වීම හේතු­වෙන් පාකි­ස්තා­නයේ දැවැන්ත විරෝ­ධ­තා­වක් ව්‍යාප්ත වීමේ අව­දා­න­මක් මතු වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. පසු­ගිය වසරේ ජූලි මාස­යේදී එරට කයි­බර් පක්ටුන්ක්වා ප්‍රාන්තයේ ස්වාට් පළාතේ පොලිස් අත්අ­ඩං­ගුවේ සිටි තරු­ණ­යකු මිය යෑමත් සමඟ ආරම්භ වූ එම විරෝ­ධ­තාව පසු­ගිය අප්‍රේල් මාසයේ කරච්චි නුවර පොලිස් ස්ථාන­ය­කදී තවත් සැක­ක­රු­වකු පොලිස් පහ­ර­දී­මෙන් මිය­යෑ­මත් සමඟ වර්ධ­නය වී ඇතැයි විදෙස් මාධ්‍ය වැඩි­දු­ර­ටත් වාර්තා කළේය.

පාකි­ස්තා­නයේ එක්ස්ප්‍රස් ට්‍රිබි­යුන් පුවත් සේවය සඳ­හන් කර ඇත්තේ පසු­ගිය අප්‍රේල් මාස­යේදී කරච්චි නුවර පොලිස් අත්අ­ඩං­ගු­වේදී සැක­කරු මිය යෑම අභි­ර­හ­සක් බවය. වසර ගණ­නා­වක සිට විවිධ අව­ස්ථා­ව­ලදී එරට පොලිස් අත්අ­ඩං­ගුවේ සිටි සැක­ක­රු­වන් පොලිස් පහ­ර­දී­මෙන් මිය ගොස් ඇතැයි ද, එවැනි මරණ පිළි­බඳ පවුලේ සාමා­ජි­ක­යන් විසින් සිදු කරනු ලබන පැමි­ණිලි සම්බ­න්ධව නීතිය ක්‍රියා­ත්මක කිරීම සඳහා පොලි­සිය දක්වන උදා­සී­න­ත්වය හේතු­වෙන් තත්ත්වය බර­ප­තළ වී ඇතැයි ද එරට මාධ්‍ය වාර්තා කළේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT