Home » රටේ ආර්ථි­කය නැංවීමට උර­දෙන සමු­ප­කා­රය

රටේ ආර්ථි­කය නැංවීමට උර­දෙන සමු­ප­කා­රය

by damith
July 6, 2024 1:05 am 0 comment

ජාත්‍ය­න්තර සමු­ප­කාර දිනය අදට (ජූලි 06) යෙදී ඇත, මේ ලිපිය ඒ නිමි­ත්තෙනි

දැනට වර්ෂ ගණ­නා­වක පටන් නොදි­යුණු සහ දියුණු වේගෙන එන රට­වල උත්ස­ව­ශ්‍රී­යෙන් පව­ත්වා­ගෙන එන ජාත්‍ය­න්තර සමු­ප­කාර දිනය අප ද සම­රමු. ආර්ථික ප්‍රශ්න විසඳා ගැනීම පම­ණක් නොව තර­ග­කාරී බව­කින් මහ­ජ­න­තා­වට සෙතක් සැල­සීම අර­මුණු කර­ගෙන සමු­ප­කාර ව්‍යාපා­රය පට­න්ගෙන ඇත. ලාභ­යම නොතකා සේවය පෙර­දැරි කොට­ගෙන මහ­ජ­න­යාගේ අභි­වෘ­ද්ධිය සඳහා උප­කාර වන මේ අනගි ව්‍යාපා­රය අනු­ස්ම­ර­ණය කිරීම සෑම සමු­ප­කා­ර­ය­කු­ගේම යුතු­ක­මකි.

වර්ෂ 1844දී එංග­ල­න්තයේ රොක්ඩේල් නමැති කුඩා ග්‍රාමයේ ප්‍රථ­ම­යෙන් සමු­ප­කාර ව්‍යාපා­රය ආරම්භ කළ පුරෝ­ගා­මීන් 28 දෙනාගේ නොප­සු­බට උත්සා­හයේ ප්‍රති­ඵ­ල­යක් වශ­යෙන් ලෝකයේ සෑම රට­කම පාරි­භෝ­ගික සමු­ප­කාර සමිති පැතිර තිබේ.

සමු­ප­කාර ව්‍යාපා­රයේ පීතෘ­ව­රයා ලෙස සැල­කෙන්නේ රොබට් ඕවන් මහ­තායි. වර්ෂ 1922 දී එක්සත් ජාතීන්ගේ සංවි­ධා­නය ජාත්‍ය­න්තර සමු­ප­කාර දිනය ලෙස නම් කළ අතර, එතැන් පටන් වස­රක් පාසා ජූලි මාසයේ පළ­මු­වන සෙන­සු­රාදා දින­යට එය යෙදී ඇත.

ලංකාවේ සමු­ප­කාර ව්‍යාපා­රය

අවු­රුදු 100කට අධික කාල­ය­කට පෙර මෙරට ආරම්භ වූ සමු­ප­කාර ව්‍යාපා­රය දැන් අස්සක් මුල්ලක් නෑර පැතිර ඇත. දුප්පත් ගොවි ජනයා ණය බරින් මුදා­ගැ­නී­මට පටන් ගත් සමු­ප­කාර ණය දෙන සමිති ඔවුන්ගේ ගොවි­තැන් ආදිය දියුණු කර ගැනී­මට බොහෝ උප­කාර වූහ. දැනට එම ණය දෙන සමිති තව තවත් දියුණු වී සමු­ප­කාර බැංකු බවට පරි­ව­ර්ත­නය වී තිබේ. ණය­ගැ­ති­ක­මින් වෙළී සිටි ගොවි ජන­තා­වට පම­ණක් නොව, ග්‍රාමයේ වෙසෙන මේ සමු­ප­කාර බැංකු­වල සාමා­ජි­ක­යන්ට ලබා­ගත හැකි වන පරිදි නොයෙ­කුත් ණය පහ­සු­කම් සලසා දී තිබේ. ක්‍රම­ක්‍ර­ම­යෙන් දියුණු වූ සමු­ප­කාර ව්‍යාපා­ර­යට නව මුහු­ණු­ව­රක් ලැබුණේ 1931න් පසු­වය. සමු­ප­කාර ගොවි ද්‍රව්‍ය නිප­ද­වීමේ හා අලෙවි කිරීමේ සමිති කීප­යක් මේ කාලයේ දී ආරම්භ කිරී­මෙන් පසු ගොවි­ජ­නයා නිප­ද­වන ද්‍රව්‍ය සාධා­රණ මිල­කට විකුණා දීමට මේ සමිති මහෝ­ප­කාරී වී ඇත. සමු­ප­කා­ර­යෙන් ලබා ගැනී­මට පුළු­වන් වෙනත් උප­කාර ගැන මහ­ජ­න­යාට හා ආණ්ඩු­ව­ටත් වැටහී ගියේ 1942 ජපන් ආක්‍ර­ම­ණ­යෙන් පසු­වය.

සමු­ප­කාර සමිති ආරම්භ කර ඒවායේ සේවය කිරී­මට ස්වේච්ඡා සේව­ක­යන් ලෙස ඉදි­රි­පත් වූ අය තමන්ට හා තමන්ගේ රටට කරන ලද සේවය අම­තක කළ නොහැ­කිය. මේ කාල­යේදී ආරම්භ වූ 32ක් පමණ වූ කඩ සමිති 1944 වර්ෂ­යේදී 4000 දක්වා වැඩි වූ අතර, ලංකාවේ මුළු ජන­තා­ව­ගෙන් තුනෙන් දෙකො­ට­ස­කට වැඩි ප්‍රමා­ණ­යක් එහි පාරි­භෝ­ගි­කයෝ වූහ.

යුද්ධ කාලයේ දී ආරම්භ කළ මෙම කඩ සමි­ති­ව­ලින් සම­හර සමි­ති­ව­ලට වංක පුද්ග­ල­යින් ඇතුළු වීම නිසා එම සමිති සුළු වශ­යෙන් හෝ අප්‍ර­සා­ද­යට ලක් විය. නමුත් එම සමිති සහ ගම්වල ජන ප්‍රධා­නීන්ගේ මැදි­හ­ත්වී­මෙන් අවංක පුද්ග­ල­යින් යොදා එම සමිති ප්‍රාණ­වත් කර ඇත. සමු­ප­කාර ගොවි ද්‍රව්‍ය නිප­ද­වීමේ හා අලෙවි කිරීමේ සමිති මඟින් කර තිබෙන සේවය හා කළ හැකි සේවය ඉතා විශාල කොට සැල­කිය හැකිය. ඒ කාලයේ දී සම­හර ආහාර ද්‍රව්‍ය හා ගොවි ද්‍රව්‍ය පිට­ර­ටින් මෙර­ටට ගෙන්වා ගැනීමේ දී හා අලෙවි කිරීමේ දී ද මෙම වෙළෙඳ සමිති විශාල සේව­යක් පාරි­භෝ­ගික ජන­තා­වට සිදු කර ඇති බව පැහැ­දි­ලිය.

අද ලංකාවේ පව­තින සමු­ප­කාර ව්‍යාපා­රය මැති­ව­රණ කොට්ඨාස මට්ට­මින් සීමා සහිත විවිධ සේවා සමු­ප­කාර සමිති ලෙස ප්‍රති­සං­වි­ධා­නය කර තිබේ. දැනට ලංකාවේ විවිධ සේවා සමු­ප­කාර සමිති 250කට ආසන්න ප්‍රමා­ණ­යක් පිහි­ටුවා තිබෙන බව සඳ­හන් කළ හැකිය. මෙම සමි­ති­වල පාල­න­යට තෝරනු ලබන්නේ අදාළ පාරි­භෝ­ගික සාමා­ජි­ක­යන්ගේ මහ­ජන ඡන්ද­යෙන් අධ්‍යක්ෂ මණ්ඩ­ල­යකි. ලංකාවේ වෙළෙඳ ව්‍යාපා­රය රාජ්‍ය අංශ­යෙන් සිය­යට 20ක් පමණ ද පුද්ග­ලික අංශ­යෙන් සිය­යට 50ක් පමණ ද, ඉතිරි සිය­යට 30 වෙළෙ­ඳාම කරනු ලබන්නේ මෙම සමු­ප­කාර සමි­ති­ව­ලින් බව ද සඳ­හන් කළ හැකිය.

අප රටේ තිබෙන සමු­ප­කාර ව්‍යාපා­ර­යට එක් වී ඇති බැංකු ක්‍රමය ග්‍රාමීය බැංකු­වයි. එම ග්‍රාමීය බැංකුව මහ­ජන බැංකුව මඟින් පාල­නය වන අතර, අදාළ විවිධ සේවා සමු­ප­කාර සමි­ති­යට අයත් ප්‍රදේ­ශයේ මහ­ජ­න­තා­වගේ නොයෙ­කුත් ණය පහ­සු­කම් සැප­යීම එම ප්‍රදේ­ශයේ සාමා­ජි­ක­යින්ගේ රත්රන් බඩු උක­සට තබා­ගෙන මුදල් ලබා­දීම හා එම සමි­තියේ සේව­ක­යන්ට ග්‍රාමීය බැංකු ගිණුම් ක්‍රමය යටතේ මුදල් ඉතිරි කිරීම හා ණය පහ­සු­කම සැල­සීම වැනි කට­යුතු ග්‍රාමීය බැංකුව මඟින් ඉටු කරයි.

අද පව­තින සමු­ප­කාර ව්‍යාපා­ර­යට විවිධ සේවා සමු­ප­කාර සමිති පම­ණක් නොව සමු­ප­කාර කාර්මික සමිති, ගොවි ද්‍රව්‍ය නිප­ද­වීමේ හා අලෙවි කිරීමේ සමු­ප­කාර සමිති, කිරි නිප­ද­වීමේ හා අලෙවි කිරීමේ සමු­ප­කාර සමිති, කෘෂි නිෂ්පා­දන හා අලෙවි කිරීමේ සමු­ප­කාර සමිති සහ ආරෝ­ග්‍ය­ශාලා සේවා පහ­සු­කම් සැප­යීමේ සමු­ප­කාර සමිති, ධීවර සමු­ප­කාර සමිති මෙයට එකතු වී ඇත.

අප රටේ සමු­ප­කාර ව්‍යාපා­රය දියුණු වී තිබෙන නමුත් එහි ඇති අඩු­ලු­හු­ඬු­කම් සාමාන්‍ය වශ­යෙන් පවතී. මීට හේතුව සමු­ප­කාර ප්‍රති­පත්ති ගැන මනා අව­බෝ­ධ­යක් මහ­ජ­නයා තුළ නොති­බී­මයි. බොහෝ දෙනෙක් සමු­ප­කාර ව්‍යාපා­රය ගැන උනන්දු වූවත් අත­ළො­ස්සක් ජන­තාව මෙම අනගි ව්‍යාපා­රය දියුණු කිරී­මට උන­න්දු­වක් නොද­ක්වන අතර, එයින් ඵල ප්‍රයෝ­ජන ගැනී­මට පම­ණක් ඉදි­රි­පත් වී සිටී. මෙම ව්‍යාපා­රය තව තවත් දියුණු කිරීම සඳහා වෙන­මම අමා­ත්‍යාං­ශ­යක් රජය මඟින් ඇති කර ඇත. මෙවන් අව­ධි­යක සමු­ප­කාර ව්‍යාපා­රය පිළි­බඳ එම අමා­ත්‍යාං­ශ­යෙන් කෙරෙන වැඩ කට­යුතු අප විසින් ප්‍රශංසා මුඛ­යෙන් සිහි­පත් කළ යුතුය. තව­දු­ර­ටත් ලංකාවේ මෙම ව්‍යාපා­රය දියු­ණු­වෙන් දියු­ණු­වට විශිෂ්ට ව්‍යාපා­ර­යක් ලෙස සාර්ථ­කව පව­ත්වා­ගෙන යෑමට මෙම අමා­ත්‍යාං­ශ­යට හැකි වේවා’යි ප්‍රකාශ කළ යුතුව ඇත.

දේශා­න්තර පතළ කීර්තිය

මෙම ව්‍යාපා­රය ඉදිරි කාල­යේදී තව තවත් දියුණු කිරීම සඳහා හා මනා අව­බෝ­ධ­යක් ලබා­දී­මට ශ්‍රී ලංකාවේ පාසල් තුළ විෂ­යක් වශ­යෙන් උගැ­න්වී­මට අව­ස්ථාව උදා වී තිබේ. දැනට සමු­ප­කාර දෙපා­ර්ත­මේ­න්තුවේ නිල­ධා­රින් හා ගම් ප්‍රධා­නීන්ට පුහුණු කරන පොල්ගොල්ලේ සමු­ප­කාර අභ්‍යාස විද්‍යා­ලය ලෝකයේ සෙසු රට­ව­ලද ප්‍රසි­ද්ධි­යක් ලබා තිබේ. පසු­ගිය අවු­රුදු කිහි­පය තුළ ලංකාවේ පම­ණක් නොව පිට­ර­ටින් පැමිණි ආධු­නි­කයෝ කීප­දෙ­නෙක්ම මෙහි පුහු­ණුව ලබා­ගත්හ.

අග්නි­දිග ආසි­යා­තික රට­ව­ලින් සමු­ප­කා­රය ගැන විශිෂ්ට කීර්ති­යක් ලබා තිබෙන අප ලංකාව ඒ ගැන ප්‍රීති විය හැකි යුතු­වාක් මෙන්ම තව තවත් දියුණු වීමට ඇති අව­ස්ථාව දැන් උදාවී තිබේ. ඩිජි­ටල් තාක්ෂ­ණය සමඟ ඇති­වන ගෝලී­ය­ක­ර­ණ­යට අභි­යෝග කිරීම සඳහා සමු­ප­කා­රය ද ඩිජි­ටල් කිරී­මට කාලය එළඹ ඇත. මුළු ලෝක­යේම සමු­ප­කා­රි­ක­යන් ප්‍රීති වන අද දින අපිද සමු­ප­කා­රයේ ‘ඔබ සැම­ටත් – සැම ඔබ­ටත්’ යන අනගි ආදර්ශ පාඨය සිතට ගැනී­මෙන් එහි ප්‍රති­පත්ති අනුව කට­යුතු කිරී­මෙන් හා අධි­ෂ්ඨාන කර ගැනී­මෙ­නුත් මුළු ලෝක­යා­ටම හා විශේ­ෂ­යෙන් ශ්‍රී ලංකා­වට සාමය හා සතුට ඇති­වේ­වායි ප්‍රාර්ථනා කර­මින් 102 වැනි සමු­ප­කාර දිනය සම­රමු.

ජය­සිරි කෝට්ට­ගොඩ 
සභා­පති – සීමා­ස­හිත පාණ­දුර
විවිධ සේවා සමු­ප­කාර සමි­තිය

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT