ජපානයේ හිරෝෂිමා කෞතුකාගාරය නැරඹීමට හැකිවීම යුද්ධයේ විනාශකාරී බව මැනවින් පසක්කර දුන් සංවේදී අවස්ථාවක් බව ජපානයේ නිල සංචාරයක නිරතව සිටින විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා ප්‍රකාශ කරයි.
කුරිරු විනාශයට මුහුණපෑ මිනිස්සුගේ දුක වේදනාව සහ යුද්ධයේ සැබෑ පිරිවැය පිළිබඳ ප්‍රබල මතක් කිරීමක් හිරෝෂිමා කෞතුකාගාරය නැරඹීම තුලින් කියාදෙන බව අමාත්‍යවරයා පැවැසුවේය
යුද්ධය, ප්‍රචණ්ඩත්වය සහ විනාශය කිසිවිටෙක ගැටලුවලට පිළිතුරු සපයාදීමට සමත්වී නොමැත අතර සාමය ස්ථාපිත කිරීම වෙනුවෙන් සෑම කෙනෙකුටම කල හැකි කාර්යභාරයක් පවතියි.
ශ්‍රී ලංකාව සැමවිටම සාමය වෙනුවෙන් පෙනී සිටින අතර න්‍යෂ්ටික අවිහරණය සම්බන්ධයෙන් සැලකිය යුතු කාර්යභාරයක් ඉටුකිරීමට කැපවී සිටීයි.
ප්‍රචණ්ඩත්වයෙන් හා ගැටුම්වලින් තොර අනාගතයක් වෙනුවෙන් සියලුදෙනාම එක්විය යුතු කාලය පැමිණි ඇති බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවැසීය